Breaking News
Home / දේශීය පුවත් / ගෝඨාගේ රක්නාලංකා එකෙන් ගලවලා ටෙන්ඩරේ චම්පිකගේ ආශිර්වාදයෙන් පරණවිතානගේ තල්ලුවෙන් සබරගමු විශ්ව විද්‍යාලේ ආරක්ෂක සේවය ගත් හැටි

ගෝඨාගේ රක්නාලංකා එකෙන් ගලවලා ටෙන්ඩරේ චම්පිකගේ ආශිර්වාදයෙන් පරණවිතානගේ තල්ලුවෙන් සබරගමු විශ්ව විද්‍යාලේ ආරක්ෂක සේවය ගත් හැටි

සබරගමුව විශ්ව විද්‍යාලය ඇතුලු රජයේ බොහෝ ආයතන වල 2015 ට පෙර දක්නට ලැබුනේ රක්නා ලංකා නම් ආරක්ශන ආයතනයයි. එය රජයේ ආයතන වලට පිටින් ගන්නා ආරක්ශන සේවා සපයන ආයතනයක් ලෙස ලංකාව පුරා ව්‍යාප්තව තිබු අතර එවකට වෙනත් කිසිම පුද්ගලික ආයතනයකට රජයේ ආයතනවල ආරක්ශාව සැපයිමේ ටෙන්ඩරයක් ගැනීමට නොහැකි විම එවකට කවුරුත් දන්නා රහසක්.

2015 මැතිවරනය සමයේ වේදිකාවල ඇවන්ගාඩ් හා රක්නා ලංකා යන ආයතන වේදිකා වල පට්ට ගැසු අතර යහපාලන ආන්ඩුවක් යටතේ එසේ නොවන බව හත්පොලේ දිවුරන්නට යහපාලන මූලිකයන් හැමදාම වග බලාගත්තේය. කියූ ආකරයෙන්ම රක්නා ලංකා ඇවන් ගාඩ් වැනි ආයතන වලට රජයට සම්බන්ද ආ4යතන වල ආරක්ශන සේවා ආදි සේවා 2015 පසු නොලැබුනි.

එහෙත් 2015 දි එවකට ආන්ඩුවට රෙද්ද නැතිව කඩේ ගිය උදවිය කරනම් ගැසු අතර දශක ගනනක් වේලි වේලි සිටි පක්ශ වල උදවියට අයත් ව්‍යාපාරද සුපුරුදු පරිදි දේශපාලන හිතවත්කම් මත ටෙන්ඩර් මගඩි මගින් හිතවත් සංග්‍රහා කරගත්හ. කෙසේ වෙතත් එයට හොදම උදාහරනයක් ලෙස දැක්විය හැකි කාරනයක් ඇත.

දැනට වසර 2 ක පමන කාලයකට පෙර සබරගමුව විශ්ව විද්‍යාලයේ ආරක්ශක අන්ශය එල්.ආර්.ඩී.සී නම් ආයතනයකින් ටෙන්ඩර යටින් පාස් කරගෙන රිසි සේ අවශ්‍ය පරිදි යටි කූට්ටු මගඩියක් ලක්නා ලංකා ආයතනයට දැක්වූ හිතවත් කම මෙන් මේ ආයතනය විශේෂ වරප්‍රසාද ලබා ගනිමින් සිටි. මෙවර ටෙස්න්ඩරයද යටින් ලබා ගන්නට හැකි බව පාරම්බාමින්ද සිටි.

තවත් ආයතන ටෙන්ඩර් මගින් ඉල්ලා ඇතත් සුදුසුකම් ඇතත් නැතත් අනෙක් සියල්ලට අහිමි වි එල්.ආර්.ඩී.සි ආයතනයට හිමිවිමට නියමිතයි. ඒ එම ආයතනයේ ප්‍රදානියා හෙල උරුමයේ සභාපති ඇමති කරුණාරතන පරනවිතානගේ හිතවතෙක් වන අතර පරනවිතානට මෙහි කොටස් අයිතිදැයි බොහො පිරිසකගේ සැකයක් පවති.

එසේම හෙල උරුමයේ නායක චම්පික රනවකගේ පූර්න ආශිර්වාදය මෙයට ලැබන බවත් මොවුන් සමග සටන් කල නොහැකි බවත් පවසමින් අනික් ටෙන්ඩර් දැමු ආයතන අසාදාරනකම විදගෙන පැත්තකට වී ඇත. එසේම සබරගමුව උපකුලපතිද අගමැතිවරයාගේ හිතවතෙක් වන නිසාද හෙල උරුමයේ ආරක්ශක ආයතනයට හොද තල්ලුවක් ලැබෙමින් පවතින බවයි තොරතුරු දන්නා අභ්‍යන්තර ආරන්චි මාර්ග සදහන් කරන්නේ.

අපට පැවසිමට ඇත්තේ සුදු රෙදි ඇදන් ධර්මය පෙන්වන කොයි කාගෙත් ඇතුලත සාදාරනය විනිවිද බාවය නැති අතර දේශපාලන හිතවත් කම් මත කුමන ආන්ඩුවක් පත් වුනත් ලංකාවේ හිතවත් සංග්‍රහය නවතින්නේ නැති බවයි.

නමුත් එය එක කල්ලියකට පමනක් හිතවත් සංග්‍රහය ලැබෙන අතර සාමාන්‍ය ජනතාව පිල් වලට බෙදි කුලලල් කාගත්තාට ලැබෙන දෙයක් නැති අතර කුමන පක්ශයක සිටියත් බලය ලැබන ඕනම පක්ශයක ලග සිටින බත් බැලයන්ට එදා සිට අදත් හෙටත් මේ රටේ ඕන තරම් කන්නට අවස්තාව ඕනම පක්ශයකය උදවිය අවස්තාව සලසා දෙන බවට සමාජයේ මිනිසුන් තෙරුම් ගත යුතුයි.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!