Breaking News
Home / දේශීය පුවත් / ගෝටා 2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බව මහින්ද කියයි

ගෝටා 2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බව මහින්ද කියයි

පොහොට්ටුවේ 2019 ජනපති අපේක්ෂකයා ගෝටභය රාජපක්ෂ බව නිල වශයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රථම වරට පොහොට්ටු සම්මේලනයේදී ප්‍රකාශ කර සිටියා. ඒ අනුව මීලග ජනපති අපේක්ෂකයා බවට ඔහු පත්වෙනු ඇති. කෙසේ වෙතත් ඇමරිකන් පුරවැසිභාවය හා නිදහස් පක්ෂයේ ස්ථාවරය යන කාරනා පිළිබද තවමත් පැහැදිලි කිරීමක් වාර්තා වන්නේ නැ.

විපක්ෂ නායක හා නිදහස් පක්ෂ උපදේශක මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ නිර්මාණය කල පොහොට්ටු පක්ෂයේ නායකයා ලෙස ඔවුන්ගේ ප්‍රථම සම්මේලනයේදී නිල වශයෙන් බාර ගත්තා.

එය බාරගත්තේ පොහොට්ටු සභාපති ජි එල් පිරිස්ගේ අතින්. පසුගිය ඔක්තෝබරයේදී ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් මහින්ද රාජපක්ෂ දින 51 ආණ්ඩුව අහිමිව ගිය පසු ඔවුන් එවැනි පක්ෂයක සාමාජිකත්වය නොගත් බව ප්‍රසිද්ධියේ පවසා සිටියා.

කෙසේ වෙතත් එක පක්ෂයකින් මන්ත්‍රිදුරයක් ලබා වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම මන්ත්‍රී දුරය අහිමිව යාමට හේතුවක්. මෙම පාර්ලිමේන්තුව තවත් මාස 5 ක කාලයක් යන තුරු විශේෂ යෝජනාවකින් තොරව ජනාධිපතිට හෝ විසිරියද නොහැකි. කෙසේ වෙතත් නිදහස් පක්ෂය හා පොහොට්ටු එකතුවීමට සාකච්චාද දැනට පැවැත්වෙනවා.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!