Breaking News
Home / දේශීය පුවත් / ගෝටා ඉදිරියේදී ජනපති අපේක්ෂයකයා නොවිය හැකි බවද දුමින්ද කියයි

ගෝටා ඉදිරියේදී ජනපති අපේක්ෂයකයා නොවිය හැකි බවද දුමින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කළත් ඉදිරියේදී බිහිවන පුළුල් සන්ධානයකදී අපේක්ෂයා වෙනත් අයකු වීමටත් හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කර ඇති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද එසේ කිරීමට අයිතියක් ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එහෙයින් පොහොට්ටුව තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කිරීම ශ්‍රීලනිප – පොහොට්ටු සන්ධාන සාකච්ඡා සඳහා කිසිදු බාධාවක් නොවන බව ද ඒ මහතා අවධාරණය කළේය.

කෙසේවෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ හැක්කේ ශ්‍රීලනිප සහ පොහොට්ටු දෙපාර්ශ්වයේ අපේක්ෂකයින්ගෙන් එක් අයකු පමණක් බැවින් එජාප විරෝධී සියලු පාර්ශ්ව එක් කරගනිමින් බිහිකෙරෙන පුළුල් සන්ධානයකදී අපේක්ෂකයා වෙනත් අයකු වීමට ද හැකියාව ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම පිළිබඳව ශ්‍රීලනිපයේ ස්ථාවරය පැහැදිලි කරමිනි. තවද ගෝටාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය නිල වශයෙන් තවමත් ඉවත් කරගෙන නැති අතර ලංකාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයට එවැනි ඉල්ලීමක් ඔහුවිසින් කරද නැත.

About article14

Check Also

පක්ෂයෙ එකමුතුභාවය වෙනුවෙන් සුවිශේෂි තිරනයක් ගැනීමට සූදානම් – රනිල්

පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් තමා ඕනෑම කැප කිරීමකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!