Breaking News
Home / දේශීය පුවත් / ගෝටාභය කෝටි 11250 ක් කොල්ල කාලා රටින් පැන්නා හැබැයි මැතිවරණය ඉවරවෙලා 12 දා ආපහු එනවා – රාජිත

ගෝටාභය කෝටි 11250 ක් කොල්ල කාලා රටින් පැන්නා හැබැයි මැතිවරණය ඉවරවෙලා 12 දා ආපහු එනවා – රාජිත

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශිය සභාව, කටාන ප්‍රාදේශිය සභාව අත්තනගල්ල ප්‍රාදේශිය සභාව, කටුනායක සීදුව නගර සභාව, වත්තල ප්‍රාදේශිය සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“වත්මන් රජයේ ගැටලු තිබුනත් එම වැරදි නිවැරදි කරගනිමින් අපි ඉදිරියට ගමන් කරනවා. මහ බැංකු අධිපතිධූරයට අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කරන විට අපි විරුද්ධත්වය පළ කළා. දැන් එක්සත් ජාතික පක්ෂ රජයට එල්ල වී ඇති එකම චෝදනාව එයයි. නමුත් වත්මන් රජය මේ වන විට අමාත්‍යවරුන් තිදෙනෙකු එම ධූර වලින් ඉවත් කර තිබෙනවා. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තිලක් මාරපන අමාත්‍යවරයා ඉවත් කළා. දුෂණ වංචා පිටුපස සිටිමින් ස්වාධීනව කටයතු නොකිරීම සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කළා.

ඉන් පසු රවී කරුණානායක මහතා මුදල් සසහ විදේශ කටයුතු අමාත්‍යධූර වලින් ඉවත් කළා. අද වන විට ඔහු පක්ෂයේ උපනායක තනතුරෙන් ද ඉවත් කිරීමට නිර්දේශ කර තිබෙනවා. පසුගිය රජය සමයේ මේ ආකාරයට මන්ත්‍රිවරුන් ඉවත් කළේ නැහැ. අඩුම තරමින් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් වත් ඉවත් කළේ නැහැ. වත්මන් රජය බලයට පත්ව වසර 03 කට පසු සැළසුම් කළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා.

පසුගිය රජය සමයේ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් රණවිරු ගෝඨාභය බිය වී විදේශ ගතව සිටිනවා. ඔහු යළි ලංකාවට පැමිණෙන්නේ මැතිවරණය අවසන් වූ පසුවයි. ලබන 12 දා තමයි ඔහු ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ. මිග් යානා ගණුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක මුදල් කොල්ල කා තිබෙනවා. යුක්රේන රජය දැනුම් දී තිබෙනවා එරට රජයට ලැබුනේ ඩොලර් මිලියන 7.2 ක් පමණක් බව. නමුත් රණවිරු ගෝඨාභය ව්‍යාජ ගිවිසුම් සකස් කරමින් මිග් යානාවක් ඇමරිකානු ඩොලර් මිලියන 14.5 ක් ලෙස සටහන් කර මුදල් කොල්ල කා තිබෙනවා. නඩු පවරන්න සුදානම් වන විට විදේශගත වුනා. ඔහු මෙවර ගුවන් ටිකට් පත් ලබාගෙන ඇත්තේ වෙන දා ටිකට්පත් ලබාගන්නා ආයතනයෙන් නොවෙයි. ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය පෙන්වා විසා බලපත් හෝ ගුවන් ටිකට්පත් ලබාගෙන නැහැ. ඇමරිකාවේ ගමන් බලපත්‍රය පෙන්වා තමයි ඔහු ඒවා ලබාගෙන තිබෙන්නේ. දැන් ඇමරිකාවේ ඉදගෙන බලනවා මැතිවරණයට මොකද වෙන්නේ කියලා.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් ගණුදෙනු කරමින් තමයි සිටියේ. එම නිසයි අපි ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේ. පසුගිය දා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා උතුරේ මනුෂ්‍ය ඝාතන පිළිබදව ප්‍රකාශයක් කළා. මුස්ලිම් ජනතාවට කළ අකටයුතුකම් ගැනත් ප්‍රකාශයක් කළා. ඒ සියල්ල හිටපු ආරක්ෂක ලේකම්වරයා සිදු කළ බවට ඔවුන් දැන් චෝදනා කරනවා. සියලුම කුණු හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිස මතට පතිත වී තිබෙනවා.”

About lanka

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!