Breaking News
Home / Video / ගෝටාබය ඇමරිකාව එක්ක ගිවිසුම ගැහුවේ හොරෙන් – වාසුදේව

ගෝටාබය ඇමරිකාව එක්ක ගිවිසුම ගැහුවේ හොරෙන් – වාසුදේව

ගෝටා 2007 ඇමරිකාව සමග ගැසූ ආරක්ෂක ගිවිසුම කිසිවකු නොදන්නා බව එවකට කැබිනට් ඇමති වාසුදේව රුපවාහිනී වැඩසටහනක හෙළිකර සිටියා. ඔහු පවසන්නේ ගොටා හා ඇමරිකාව වෙනුවෙන් එවකට තානාපති රොබට් බ්ලේක්ගේ එකගත්ව මත මේවා සිදුවූ බවයි.

එවිට කැබිනට් මණ්ඩලය එවකට ජනාධිපතිගෙන් මෙය විමසු අතර එවිට ජනාධිපති මහින්ද සිනාසී පාවසා ඇත්තේ ඇමරිකන් ජාතිකයෝ දෙන්නෙක් ගහපු ගිවිසුමක්නේ අපට ඉතින් අතගහන්න බැ යනුවෙන්. එවිට එම සංවාදයට සහබාගි වූ ජවිපෙ විජිත හේරත් විමසන්නේ මහින්ද ජනාධිපති කිව්වේ එච්ච්රමද යනුවෙන්. එවිට වාසු පවසන්නේ එයා එහෙමයි කිව්වේ ඊට වඩා දෙයක් වුනේ නැ යනුවෙන්.

දැනට සති කිහිපයකට පෙර එවකට තානාපති රොබට් බ්ලේක් දේශනයකට ගෙන්වාගෙන පවසා ගත්තේ ගෝටාගේ කාලයේ ආරක්ෂාව හොදට තිබු බවයි. එම දේශනය සංවිධානය කර තිබුනේ කලක් එජාපෙ සිටි මහාරාජා ආයතනයේ අධ්‍යක්ෂ වරයෙක් හා පසුව මහින්ද පිලේ වැඩ කර මේ වන විට ගෝටා සමග සිටින මිලින්ද මොරගොඩයි.

මහා දේශප්‍රේමින් ලෙස පෙන්වන විදෙස් ජාතිකයන් මේ රට හොරාට විකුනද්දී ඔවුන්ගේ පස්ස හෝදන සට්ටමියන් කටවහගෙන සිට දැන් එක වර ජාති ආල සැදී ඇති බවද පෙනේ. තමන්ගේ හොරා තමන්ට හොදා යන තුච්ච සංකල්පය නිසා මේ රට විනාශ වූ අතර තවත් එක එක වෙස්මුනු පැළදගෙන තවත් වටයකින් මෝඩ ජනතාව රවටන්න සුදානමින් සිටීම රටේම කරුමයකි.

 

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!