දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා එකම වේදිකාවකට පැමිණීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ වනවිට සාකච්ඡා අරඹා තිබේ.
ජනාධිපති කොමිසම් වාර්තාවට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ,දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහත්වරුන් වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබේ.
ඊට අමතරව අදාල ජනාධිපති කොමිෂමෙන් චූදිතයන් ලෙස නම් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් හමුවී මීට ගත යුතු පියවර සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.
දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජනහමු මාලාවක් රට පුරා පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය නඟාසිටුවීම සඳහා ගතයුතු පියවර ඇතුළත් ප්රතිසංවිධාන වැඩසටහන ලබන මස 15 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන් දිස්ත්‍රික් මට්ටමින් පාක්ෂිකයන් හමුවී අදහස් සහ යෝජනා ගැනීමෙන් අනතුරුවය.
මාර්තු මස 15 වැනිදායින් ඇරඹෙන එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාත්මකවීම ඇරඹීමට නියමිත වන්නේ සිංහල හින්දු අලූත් අවුරුද්දෙන් පසුවයි.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ යෝජනා ගැනීමට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්රමුඛ පක්ෂ නිලධාරීහු පියවර ගනු ලැබූහ.
අදාල පක්ෂ ප්රතිසංවිධාන යෝජනා සැකසුම් කමිටුවෙි අදහස් ද සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක කෙරෙයි.