Breaking News
Home / ක්‍රිඩා / ‘ගේල්ට 39 යි මට 31 යි’ පොලාඩ් හයේ පහර 10 සමග පන්දු 31 න් 83 ලබා ලැබූ තියනු ජයත් සමග ලෝක කුසලානය ගැන තේරුම් කමිටුවට අභියෝග කරයි

‘ගේල්ට 39 යි මට 31 යි’ පොලාඩ් හයේ පහර 10 සමග පන්දු 31 න් 83 ලබා ලැබූ තියනු ජයත් සමග ලෝක කුසලානය ගැන තේරුම් කමිටුවට අභියෝග කරයි

ඊයේ(10) දිනයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කින්ග්ස් ලෙවන් කණ්ඩායම අතර තරගය මුම්බායි පිටියේදී පැවැත්වුනා. එහිදී පලමුවෙන්ම පන්දුවට පහරදුන් කින්ග්ස් ලෙවන් පිලට වේගවත් ආරම්බයක් ලබාදෙන්නට ඒ එල් රාහුල් හා ක්‍රිස් ගේල් සමත්විය. රාහුල් හයේ පහර 6 ක් හා හතරේ පහර 6 සමගින් නොදැවී ලකුණු 100ක් ලබාගත් අතර ඒ සදහා ඔහු වැයකලේ පන්දු 64 ක් පමනි.

ගේල් හා රාහුල් පලමු කඩුල්ලට ලකුනු 116 ක සම්බන්ධතාවයක් ගොඩනගන්නට සමත්වුනා. ගෙල පන්දු 36 ට ලකුණු 63 යි. එයට හයේ පහර 7 ලබා ගැනීම විශේෂයෙන් සදහන් කල යුතුයි. හතරේ පහර 3 පමණයි ඔහු එල්ල කලේ. අයිපීඑල් ඉතිහාසයේ හයේ පහර 500 පසු කරන්නටද ගේල් මේ තරගවාරයේ මුල සමත්වුනා.

කින්ග්ස් ලෙවන් මැදපෙලට එතරම් සාර්ථක වන්නට ඉඩ නොලැබුනු අතර එහෙත් රාහුල් නොදැවී ක්‍රීඩා කල නිසා අවසානයේ ලකුණු 197/4 ලබා ගැනීමට සමත්වුනා. ඉතිරි ක්‍රීඩකයන් 4 දෙනාම ලබා ඇත්තේ පන්දු 20 දී ලකුණු 27 ක් පමණයි.

ගේල් සහ රාහුල් පන්දු වාර 13 ක්‍රීඩා කර 116 ක් ලබා ගත්තා. පන්දුවාරයක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය එවිට 9 පමණ වුනා. මාලිංග වෙනුවට ක්‍රීඩා කරන ජෝශප් හා හර්දික් පාන්ඩයා දැඩි ප්‍රහාරයකට ලක්වුනත් පන්දුයැවීමේදී මුම්බායි පිල වෙනුවෙන් කඩුලු දෙකක් බිදහෙලන්නටද සමත්වුනා.

ලකුනු 198 ක දැවැන්ත ඉලක්කයක් හබාගිය මුම්බායි පිලට එතරම් හොද ආරම්බයක් නොලැබුනු අතර කුයින්ටන් ඩි කොක් හා මංගල තරහයට ක්‍රීඩා කල යොවුන් ක්‍රීඩක දිනේෂ් ලැඩ් හොද වේගයෙන් ලකුණු ලබාගන්නට උත්සහා කලත් දිනේෂ් ලකුණු 15 දී මුළු ලකුණු 28 දී දැවී ගියා. ලකුනු 24 කට දැවී ගිය අතර සුරියකුමර් යාදව් ද 21 ට දැවී ගියා.

4 වන පිතිකරු ලෙස ඊයේ තරගයේ නායකයා වූ පොලාඩ් පැමිණි අතර දිගු සම්බන්දකම් පැවැත්වීම අනෙක් කිසිවකු සමත් වුයේ නැති වුනත් 20 පන්දුවාරයේ 2 වන පන්දුව වන තෙක් තනි සටනක් දීමට පොලාඩ් සමත්වුනා.7 වන කඩුල්ල වෙනුවෙන් අල්සාරි ජෝශප් සමග පැවැත්වූ සම්බන්ධය හොදම සම්බන්ධය වන අතර එය ලකුණු 54 ක්.

ඉන් ලකුණු 41 ක් පන්දු 13 ක් තුල ලබා ගැනීමෙන් පොලාඩ්ගේ ප්‍රහාරයේ තරම සිතාගත හැකි. දැවැන්ත හයේ පහර 10 ක් සමගින් කිරන් පොලාඩ් ලකුනු 83 ක් රැස්කල අතර ඊට ඔහු වැයකලේ පන්දු 31 ක් පමනයි. අවසන් පන්දුවාරයට ලකුණු 15 ලබා ගැනීමට තිබු අතර පළමු පන්දුව පොලාඩ් යොමුවූයේ ඉනෙන් ඉහල ෆුල්ටෝස් පන්දුවක් වන නිසා එය නිපන්දුවක් වුවත් පොලාඩ් එයට දැවැන්ත හයේ පහරක් එල්ල කළා.

ඒ අනුව පන්දු 6 ට ලකුණු 8 ජයග්‍රහණය අවශ්‍ය වූ අතර ඊලග පන්දුවට 4 පහරක් ගැසූ පොලාඩ් 2 වන පන්දුවේදී දැවී යනවා. එවිට ජයග්‍රහණයට පන්දු 4 ට ලකුණු 4 තිබු අතර 3 වන පන්දුවට ලකුණක් ලබා නොගත් ජෝශප් 4 වන පන්දුවට එක ලකුණක් ලබා ගන්නවා. පන්දු 2 ට ලකුණු 3 තිබියදී චහර් 1 ලකුණක් 5 වන පන්දුවට ලබා ගද්දි අවසන් පන්දුවට ලකුණු 2 ජයග්‍රහණයට අවශ්‍ය වුවා.

පිල් දෙකටම ජයග්‍රහණය දෝලනය වූ අතර පන්ජාබ් කණ්ඩායමේ රාජ්පුත් ගේ අවසන් පන්දුවට අල්සාරි ජෝශප් ලකුණු 2 ලබා ගැනීම නිසා තරගය ජයගන්නේ ඉතාම තියුණු ලෙසයි. පොලාඩ් ගේ සුපිරි ඉනිමට සාධාරණයක් වෙමින් මුම්බායි පිලට ජය හිමිවූ අතර තරගයේ වීරයා සම්මානය කිරන් පොලාඩ් ට හිමිවුනා.කෙසේ වෙතත් පොලාඩ් මේ තරගය අවසානයත් සමග කොදෙව් තේරුම් කමිටුව හා පාලක මණ්ඩලයට අභියෝග කර ඇත්තේ ගේල් වයස 39 වී ලෝක කුසලාන කණ්ඩායමට සුදුසුනම් 31 හැවිරිදි ඔහු නුසුදුසුද යන්නයි.

කෙසේ වෙතත් කොදෙව් පාලක මණ්ඩලය විසින් පොලාඩ් ලෝක කුසාලන කණ්ඩායමට එකතු කිරීමට කටයුතු කරන බවයි මේ වන විට වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙවර අයිපිඑල් තරගවාරයේ පන්දුවෙන් හා පිත්තෙන් කැපී පෙනෙන දැවැන්ත දස්කම් පෙනවමින් සිටින්නේ කොදෙව් ක්‍රීඩකයන් වීම ලෝක කුසලානයට යන අනෙක් කණ්ඩායම් වලට දැඩි තර්ජනයක්.

කෙසේ වෙතත් සැම ලෝක කුසලාංයකදිම නැවත පිබිදෙන කොදෙව් කණ්ඩායමේ සාමාන්‍ය ලක්ෂණ මේ වන විට මෙවරත් ඉස්මතු වී තිබෙනවා. මේ වන විට ගේල් බ්‍රාවෝ නාරායන් පොලාඩ් ජෝශප් වැනි ක්‍රීඩකයන් ඉන්දියාවේ රැගුම් රාගමින් සිටීම හා වර්තමාන ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ වන තෙක් එතරම් කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට නොහැකිවීමද කැපී පෙනෙන ලක්ෂණයක්. කෝලි ලකුණු අතර සිටියත් සියලුම තරග පරාජය වීමේ අමිහිරි වේදනාව නිසා ඔහුගේ මානසිකත්වයද තරමක පසුබෑමකට ලක් වී තිබෙනවා. මේ පොලාඩ්ගේ ප්‍රහාරය හා විශේෂ අවස්ථා

About article14

Check Also

එස් බි සහ මහින්ද හොර චන්ද දාපු විදිය එස්බීගේ කටින් ප්‍රසිද්දියේ කියපු විදිය

ප්‍රේමදාසගේ කාලයේ එස් බි මහින්ද ද එකතුව එවකට දේශපාලකයන් සමග හොර චන්ද පොදිට දාපු විදිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!