Breaking News
Home / දේශීය පුවත් / ගුවන් පාලම හදන්න ගියේ දින 60 යි. අළුත්වැඩියාව අනූවෙනුත් බැරිවෙලා. ඕන ගොනෙක්ට පුළුවන් ඇමතිකම් කරන්න

ගුවන් පාලම හදන්න ගියේ දින 60 යි. අළුත්වැඩියාව අනූවෙනුත් බැරිවෙලා. ඕන ගොනෙක්ට පුළුවන් ඇමතිකම් කරන්න

නුවර පාරේ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන අසළ (තොරණ හන්දිය සහ පට්ටිය හන්දිය අතර) ඇති ගුවන් පාලම මතකද…? මහින්දගේ කාලේ මේ පාලම හදන්න පටන් ගත්තේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා මහාමාර්ග ඇමතිකම දරන කාලයේදී… පාලමේ වැඩ ඉවර වෙන්න කලින් ජෙයරාජ් කොටි බෝම්බයක් නිසා එලොව ගියා.. පාලම විවෘත කෙරුනේ එතුමාගේ නමින්.. එදා මේ පාලම හැදුවේ දවස් හැටකින්.. ඒක වාර්තාවක්…

කතාව ඒක නෙවෙයි…. එදා දවස් හැටෙන් හදපු මේ පාලම මේ ආණ්ඩුවෙන් සර්විස් කරනවා.. දැන් දවස් 90 ක් ගත වෙලා.. තාම එක තීරුවකවත් වැඩ ඉවර නැහැ… පාලම හදන්න මහින්දගේ ආණ්ඩුවට ගියේ දවස් හැටයි… පාලම සර්විස් කරන්න, මේ ආණ්ඩුවේ අමාත්‍ය්ංශයට තාම බැරි වෙලා….
ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා තප්පුලපු කිරිඇල්ල ගැන ඉතින් මොනවා කියන්නද..?

Upul Ekanayaka

මෙය තිත්ත ඇත්තක්. කහ ඉරි සුදු කිරීම මහා ව්‍යපෘතියක් කරගෙන සිටින මොවුන් එය සුදු කරන්නට යොදාගන්නෙත් කාර්යබහුල දින වල 8-5 පැය වලයි. එවිට එම ප්‍රදේශයේ නොසෑහෙන්න තදබදයක් හැදෙනවා. තව මේ වසරේ වරින් වර වර්ෂාව නිසා කොළඹ අවට පාරවල් වල අලි වැටෙන වලවල්. ඒවා මාස ගනන් වලට ඕන විදිහියට ලොකු වෙනවා. සමහර විට බේස්ලයින් එකෙත් වලවල්. වැඩිය ඕන නෑ බේස්ලයින් එකේ දෙමටගොඩ ගුවන් පාලම උඩත් වලක්.

වෙන රටකනම් මහාමාර්ගෙට ඇමතියාට දැන් වාහන හිමියන් නඩු දාලා. වාහනයක් ගද්දි වාහනේ වගේ තුන් හතර ගුනයක් බදු ගන්නේ මේවා නඩත්තු කරන්න මිසක් අමාත්‍යංශය බාරවෙන ඇමතියාට නිලදාරින්ට වාහන ගන්න ආසනේ උන්ට ඉඳගන්න තැනැක්වත් නැතිව ජොබ් දෙන්න නෙවෙයි. මිනිස්සුන්ගේ බදු තිතට වෙලාවට ගන්න උන්ට උන්ගේ කාර්යය වෙලාවට කරන්න බෑ.

සයිටම් ප්‍රශ්නය වෙලාවේදි රූපවාහිනි සාකච්චාවකට ආපු මේ මහාමාර්ග ඇමතියාගෙන් ප්‍රශ්න අහපුවම උත්තර දුන්නේ ඒ වෙලාවේ ඒක ටීවි එකක් නොවුනානම් අහන එකාගේ හොම්බට හැටක් අනින්න වගේ. ඒ තරම් කේන්ති ගිහින්. ඉති ඒ වගේ ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියපු උද්දච්ච අහංකාර ගොබිලයින්ට රටක හදවත වගේ වූ මහාමාර්ග පද්දතිය ලබා දුන්නම කොහොම තියේද. ඒකයි මේ වෙලා තියෙන්නේ.

උපදේශකයෝ සිය ගානක් දාගෙන ලක්ෂ ගනන් පඩි දීලා අතිරික්ත සේවකයෝ මහාමාර්ගෙට දාගෙන හයිවේ තමන්ට ඕන කොම්පැනිවලට දුන්නට පාරක් කානුවක් හදාගන්න අඩු තරමේ පාර බ්ලොක් කරගන්නේ නැතිව කහ ඉර සුදු කරගන්නවත් බැරි හරක් පට්ටි අද රට පාලනය කරන ප්‍රභල ගොබිලයන් වීමෙන්ම පෙනෙන්නේ රට පාලනයට සිටින උන්ගේ නුවනේ ප්‍රමානය හා උද්දච්චකමයි.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!