Breaking News
Home / Video / ගුරුවරියක් දනගස්සුවේ නැ කියලා මාධ්‍යයෙන් චන්ඩි පාර්ට් දාපු වඩේ චාමර පොලිසියට බාරවෙයි. සැනින් ඇපත් ලැබෙයි. දණ ගැස්සුබව දැන් සනාථයි

ගුරුවරියක් දනගස්සුවේ නැ කියලා මාධ්‍යයෙන් චන්ඩි පාර්ට් දාපු වඩේ චාමර පොලිසියට බාරවෙයි. සැනින් ඇපත් ලැබෙයි. දණ ගැස්සුබව දැන් සනාථයි

විදුහල්පතිනියක දණ ගැස්වු බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායකට ඇප මත නිදහස් කර තිබෙනවා.

බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදී ඇත්තේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනුනා.

පොලිසිය සඳහන් කළේ නීතිඥයෙකු මාර්ගයෙන් ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස භාර වූ බවයි.

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්. බවානි දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු පොලීසියට පැමිණියේ අද උදෑසනයි.

නඩුව මැයි මස 16 වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද රැස්වන අධ්‍යාපන සහ මානව සම්පත් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ප්‍රකාශ කළා.

අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මෙම කාරක සභාව රැස්වන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඒ අනුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සන්ධ්‍යා අඹන්වල, ඌව පළාතේ අධ්‍යාපන ප්‍රධානීන් සහ සිද්ධියට මුහුණ පෑ විදුහල්පතිනිය ද මෙම කමිටුව හමුවට කැදවා තිබෙනවා.

පසුගිය දා සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා, පොලිස්පතිවරයාට ද දැනුම් දී තිබූ අතර, පසුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ තිබූ අධ්‍යාපන අමාත්‍යාංශය ද ආණ්ඩුකාරවරයා යටතට පවරනු ලැබුවා.

ආණ්ඩුකාරවරයා ලබාදුන් උපදෙස් වලට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ විමර්ශනයක් ආරම්භ කළ බවයි ඌව පළාත් සභාවේ ලේකම් පී. විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

About lanka

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!