Breaking News
Home / දේශීය පුවත් / ගීතා නූලෙන් බේරෙයි.

ගීතා නූලෙන් බේරෙයි.

මන්ත‍්‍රී ධුරය අත්හිටුවමින් ගීතා කුමාරසිංහට අභියාචනාධිකරණය ලබා දුන් තින්දුව ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය. අවසන් වන තෙක් අත්හිටුවිමට අද (15) නියෝග කෙරුණා. සැප්තැම්බර් 25 මෙය සලකා බැලීමට නියමිතයි.

ඒ, අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මන්තීී‍්‍රවරිය විසින් ගොණු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස කටයුතු කිරිම නුසුදුසු බව අභියාචනාධිකරණය ඉකුත්දා නියෝග කළා. ඊට එරෙහිව මන්ත‍්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

පෙත්සම විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සිකුරාදා නියෝග කළේ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ක‍්‍රියාත්මක කිරීම අද දිනය දක්වා අත්හිටුවන බවයි. ඒ අනුව අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම් විභාගය අවසන්වන තෙක් අභියාචනාධිකරණ තින්දුව අත්හිටුවන බවයි.

තම සේවාදායිකාව ස්විට්සර්ලන්ත පුරවැසියෙකු සමග විවාහ වී ඇති බවත් එම නිසා ඇයට එරට පුරවැසිභාවය හිමිවී ඇති බවත් ගීතා කුමාරසිංහ මන්ත‍්‍රිවරයිගේ නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියා. එය හිතාමතා ඉල්ලුම් කළ පුරවරුසිභාවයක් නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!