Breaking News
Home / ක්‍රිඩා / ගියවර ලෝක ශුරයන් වූ ලාස්ට් මෑන් තරගාවලියට අජන්ත මෙන්ඩිස් යටතේ ක්‍රීඩා කරන්න ක්‍රිකට් උනක් තියන ඔබටත් අවස්තාවක්. මෙන්න වාසනාව උරගාන විදිහිය

ගියවර ලෝක ශුරයන් වූ ලාස්ට් මෑන් තරගාවලියට අජන්ත මෙන්ඩිස් යටතේ ක්‍රීඩා කරන්න ක්‍රිකට් උනක් තියන ඔබටත් අවස්තාවක්. මෙන්න වාසනාව උරගාන විදිහිය

2017 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති ලාස්‌ට්‌ මෑන් ක්‍රිකට්‌ ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකාව මෙම වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලාස්‌ට්‌ මෑන් ලෝක ශූරතාව සඳහා ශක්තිමත් කණ්‌ඩායමක්‌ සොයා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන 2018 ලෝක ශුරතාවයට සුදානම් වීමේ තරගාවලිය ලබන 12 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Image result for ajantha mendis last man tournament

ඒ අනූව මැයි මස 12-13 කළුතර දිස්‌ත්‍රික්‌ තරගාවලියත්, මැයි 10-20 අනුරාධපුර දිස්‌ත්‍රික්‌ තරගාවලියත්, මැයි 26-27 කුරුණෑගල දිස්‌ත්‍රික්‌ තරගාවලියත් පැවැත්වෙන අතර ජුනි මස 2-3 කොළඹ දිස්‌ත්‍රික්‌ තරගාවලිය පැවැත්වීමට නියමිතය.

මෙලෙස ස්ථාන හතරකදී තරඟ පැවත්වුනද දිවයින පුරා විසිරී සිටින මේ සඳහා උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා තරඟාවලිය සඳහා සම්බන්ද විය හැකි බව ක්‍රිකට් ලංකා කල විමසුමකදී තරඟ සංවිධායකයන් අප සමඟ පවසා සිටියහ.

අජන්ත මෙන්ඩිස්‌ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලාස්‌ට්‌ මෑන් ක්‍රිකට්‌ පිල ඉකුත් ලෝක ශූරතාව දිනා ගැනීම හේතුවෙන් මෙවරද කණ්‌ඩායමේ නායකත්වය ඔහුට හිමිව තිබේ.

ඒ අනූව අදාළ තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයන් සිව්දෙනකු සහ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සිව්දෙනකු වශයෙන් ශ්‍රී ලංකා ලාස්‌ට්‌ මෑන් ක්‍රිකට්‌ කණ්‌ඩායම මේ වසරේ එංගලන්තයේ චෙස්‌ටර් නුවර පැවැත්වෙන ලෝක ශූරතාවට සහභාගි වේ.

දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ තරගවලින් අනතුරුව ජාතික මට්‌ටමේ තරගාවලියට කණ්‌ඩායම් තෝරා ගන්නා අතර තරගාවලියට සහභාගි වන එක්‌ කණ්‌ඩායමකින් සාමාජික ගාස්‌තු වශයෙන් රුපියල් 20000 ක්‌ අය කිරීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.

ඒ අනූව තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්‌ඩායමට මුදලින් රුපියල් ලක්‍ෂ දෙකක්‌ද (200,000) අනුශූරතාව සඳහා රුපියල් ලක්‍ෂයක්‌ (100,000) වශයෙන් ත්‍යාග පිරිනැමේ.

මෙම ක්‍රිකට්‌ තරග ආකෘතිය අනුව එක්‌ පිලට අට දෙනකු ක්‍රීඩා කරන අතර අවසන් පිතිකරුවාටද පන්දුවට පහරදිමේ හැකියාව තිබේ. ඒ අනුව පැය දෙකකින් තරගය අවසන් වන අතර පන්දු ඕවරයකට පන්දු බැගින් වු ඕවර විස්‌සයි විස්‌ස තරගයක්‌ වශයෙන් තරගාවලිය ක්‍රියාත්මක වේ.

තරගාවලිය සඳහා සහභාගි වීමට අපේක්‍ෂා කරන කණ්‌ඩායම් වැඩිදුර විස්‌තර 0770514549 (ෂෙරන්), 0778117333 (චමිල) ඇමතීමෙන් ලබාගත හැක.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!