Breaking News
Home / ක්‍රිඩා / ගාල්ල කෝලිට නුවර සංගට කොළඹ දෝණිට දඹුල්ල ගේල්ට මෙන්න ලංකා ප්‍රිමියර් ලීග් එකේ සුපිරි නායකයන්

ගාල්ල කෝලිට නුවර සංගට කොළඹ දෝණිට දඹුල්ල ගේල්ට මෙන්න ලංකා ප්‍රිමියර් ලීග් එකේ සුපිරි නායකයන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලන්කන් ප්‍රිමියර් ලීග තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීම කෙරෙහි මේ වන විට අවධානය යොමුවී ඇති අතර කණ්ඩායම් හතරක් අතර පැවැත්වෙන මෙම තරඟාවලියේ කණ්ඩායම් මෙහෙයවීම සඳහා ලෝකයේ ප්‍රබලතම T20 ක්‍රීඩකයන් හතරක් තෝරාගෙන ඇති බව අයිලන්ඩ් වාර්තා කරන අතර ඒ අනුව ගාල්ල කණ්ඩායම විරාත් කෝලි විසින්ද ,නුවර කණ්ඩායම කුමාර සංගක්කාර විසින්ද,කොළඹ කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝණිවිසින්ද දඹුල්ල කණ්ඩායම ක්‍රිස් ගේල් විසින්ද මෙහෙයවීමට නියමිත බව එම වාර්තාව වැඩි දුරටත් තහවුරු කර ඇත.

තරඟාවලියේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය පසුගිය සතියේ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තහවුරු කල අතර ඒ අනුව මේ දිනවල තරඟාවලිය සඳහා අනුග්‍රාහකයන් සුදානම් කිරීම සිදුවන බව ආරංචි වන අතර තරඟාවලිය සති දෙකක පමණ කාලයකදී නිමාවන නිසා ලෝකය පුරා ප්‍රබල ක්‍රීඩකයන් රැසක් තරඟාවලිය සඳහා සහභාගී කර ගන්නට හැකි වනු ඇති බවට වාර්තා වේ.

දඹුල්ල කණ්ඩායමේ නායක ක්‍රිස් ගේල් කැරිබියන් ප්‍රිමියර් ලීග තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීම නිසා තරඟාවලියේ පළමු තරග කිහිපයට ගේල් ක්‍රීඩා නොකරන්නේ නම් ෂකීබ් පළමු තරඟ කිහිපය මෙහෙයවීමට අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වේ.

තරඟාවලිය සඳහා,කේන් විලියම්සන්,ටෙන්ට් බෝල්ට්,ටීම් සවුති නවසීලන්තයෙන්ද,

ආරොන් ෆින්ච්,ෆැට් කමින්ස්,මිචෙල් ස්ටක් ඔස්ට්‍රේලියාවෙන්ද,

කිරාන් පොලාර්ඩ්,ඩෙවොන් බ්‍රාවෝ,සුනිල් නාරායන්,ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් වලින්ද,

ජෝ රූට්, ජොනි බ්‍රේටිස්හෝ,බෙන් ස්ටොක් එංගලන්තයෙන්ද,

සහිඩ් ඇෆ්රෙඩ්,සෆ්රාස් අහමඩ්,මොහොමඩ් අමීර් පාකිස්තනයෙන්ද,

රෝහිත් ශර්මා,බුවනේෂර් කුමාර්,යශේන්ද්‍ර චහාල්,විරාත් කෝලි ,MS දෝණි ඉන්දියාවෙන්ද,

ඩිවිලියස්,ස්ටෙයින්,රබාඩා දකුණු අප්‍රිකා වෙන්ද,

මුෂ්ෆිකර් රහීම්,මහමදුල්ලා,මශ්තෆීර් රහමාන් ,ෂකීබ් බංගලාදේශයෙන් ද සහභාගී වීමට නියමිතය.

ටොම් මුඩි නුවර කන්දායමේද,සනත් ජයසුරිය ගාල්ල කණ්ඩායමේද,ජෝන් බියුකනන් කොළඹ කණ්ඩායමේද,ඩේව් වට්මෝර් දඹුල්ල කණ්ඩායමේද පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නට නියමිත බවද එම වාර්තාව අනාවරණය කර ඇත.

මෙහි සත්‍ය අසත්‍යතාව අයිලන්ඩ් පුවත්පත් වාර්ථාව සතුවෙයි

About article14

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!