Breaking News
Home / දේශීය පුවත් / ගාල්ල අවට ප්‍රදේශයේ හදිසි තත්වයක් STF කැඳවයි උදෑසන 9 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය

ගාල්ල අවට ප්‍රදේශයේ හදිසි තත්වයක් STF කැඳවයි උදෑසන 9 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය

ගාල්ල ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

ගිංතොට ප‍්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් පොලිසිය පවසන අතර හෙට (18 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීවේය.

අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයි අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද ගුණසේකර මහතා තවදුරටත් කීවේය.

බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.

පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.

 

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!