Breaking News
Home / දේශීය පුවත් / ගලබොඩඅත්තේ හිමියන් අසමගිය ඇතිකලායයි අත්අඩංගුවට ගන්නයි වරෙන්තු පොහොට්ටුවේ අජිත් ප්‍රසන්න බොදුබලේ හිමියන්ගේ සිවුර ගලවනවා යයි ප්‍රකාශයක්

ගලබොඩඅත්තේ හිමියන් අසමගිය ඇතිකලායයි අත්අඩංගුවට ගන්නයි වරෙන්තු පොහොට්ටුවේ අජිත් ප්‍රසන්න බොදුබලේ හිමියන්ගේ සිවුර ගලවනවා යයි ප්‍රකාශයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කළේය.

ජාතීන් අතර අසමගිය සහ වෛරස ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ සිද්ධියකට අදාළ ව අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කැරිණි.

මේ අතර මහනුවර කලහකාරී සිද්ධියට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ බවට මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති වීඩියෝව සම්බන්ධව නීතිපතිවරයාට,පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අද පැමිණිලි කළ බව බොදුබල සේනා සංවිධානය පවසයි.

නීතිඥයෙකු වශයෙන් කටයුතු කරන අජිත් ප්‍රසන්න මහතා අසත්‍ය ප්‍රචාරයක් අදාළ වීඩියෝව මගින් සිදුකරන බවත්, වහාම ඔහුගේ නීතිඥ වෘත්තිය පිළිබඳව තීරණයක් ගතයුතු බවත් අදාළ පැමිණිල්ල මගින් බොදුබල සේනා සංවිධානය ඉල්ලා තිබේ.

ඥානසාර හිමියන් දුටු තැනකදි සිවුර ගලවන බවට අජිත් ප්‍රසන්න මහතා අදාළ වීඩියෝව මගින් තර්ජනය කරන බවත්, මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එම සංවිධානය සඳහන් කරයි.

About lanka

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!