Breaking News
Home / දේශීය පුවත් / ගම්මන්පිල හා විරවංශ වීරයන් වගේ රට පුරා රනිල් පතුරු ගසමින් අද ගේනවා කියූ විශ්වාස බංග යෝජනාව පාර්ලිමේන්තුවට ඇවිත් නැ

ගම්මන්පිල හා විරවංශ වීරයන් වගේ රට පුරා රනිල් පතුරු ගසමින් අද ගේනවා කියූ විශ්වාස බංග යෝජනාව පාර්ලිමේන්තුවට ඇවිත් නැ

ජඩමාධ්‍ය කිහිපයක් සහ ගම්මන්පිල වීරවංශ වැනි කිහිප දෙනෙක් අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද කතානායකවරයාට බාර දෙනවා යැයි කීවද අද එවැනි කිසිදු යෝජනාවක් කතානායක වරයාට බාර දුන්නේ නැත.

ඒකාබද්ධයේ මහින්ද රාජපක්ෂ එවැනි විශ්වාස භංගයක් ගැන තවම තම කණ්ඩායම එකඟතාවයක පැමිණ නැතැයි අද උදෑසන ප්‍රකාශ කරන ලදී.

නමුත් ඊයේ දිනයේ ගම්මන්පිල මාධ්‍ය හමුවකදී කියා සිටියේ චෝදනා 14 ක් සහිත විශ්වාස භංග යෝජනාවට දැන් ඒකාබද්ධයේ පිරිස අත්සන් තබා හමාර බවයි. ඒ අනුව එක්කෝ ගම්මන්පිල ඊයේ කීවේ බොරුය නැතිනම් මහින්ද රාජපක්ෂ අද කියන්නේ බොරුය.

කෙසේ වෙතත් විශ්වාස භංගයකදී ශ්‍රීලනිපය ඒකාබද්ධයට සහාය දීමට තීරණය කළහොත් ශ්‍රීලනිපයෙන් එජාපයට එන පිරිස ස්ථිරවම 8 කි. එජාපයෙන් ඒකාබද්ධයට යාවි යැයි ස්ථිරවම කිව හැකි අය 2 කි. ජවිපෙ කිසිවෙකුට සහාය නොදෙන බව දැනටමත් පවසා තිබේ. ඒ අනුව ඒකාබද්ධයේ විශ්වාස භංගයක් ජය ගැනීමට නම් මෛත්‍රීපාල සහාය දුන්නද එජාපයෙන් 22 ක් ලබා ගත යුතුය. එතරම් විශාල කණ්ඩායමක් එජාපයෙන් ඒකාබද්ධයට දිනා ගැනීම හීනයකි.

මේ අතර පසුගිය කාලයේ එජාප පාර්ශවයෙන් විශ්වාස භංගයක් ගෙන එනවා යයි කතාකළ එජාප කුඩා ඇමැතිවරුන් වන සේනානායක සහ රංගේ බණ්ඩාර දෙදෙනාට නීතිය කියා දී ආණ්ඩුවේ ඇමැතිවරු ලෙස සිට ආණ්ඩුවට විශ්වාස භංග ගෙන ආ නොහැකි බවත් එසේ ගෙන එනවා නම් ප්‍රථමයෙන් ඇමැතිකම් හැරදා විපක්ෂයේ අසුන්ගත යුතුයැයි ලංකා ඊ නිව්ස් විසින් ජනාධිපති නීතිඥවරයෙකු උපදෙසක් පෙන්වා දීමෙන් පසු පදය වෙනස් කර තිබේ. ඊයේ රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වූ රංගේ බණ්ඩාර කියා සිටියේ තමා එජාපය හැර යන්නේ නැති බවත්, වෙනත් පක්ෂ ගෙන එන විශ්වාස භංග වලට සහාය දෙන්නේ නැති බවත් ය. කෙසේ වෙතත් ඊයේ පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමට සේනානායක සහ රංගේ දෙදෙනාම සහභාගී වී සිටියද අගමැති විවේචනයක් හෝ ආණ්ඩු විවේචනයක් නොකළ අතර කන්පට කඩා ගත් හීලෑ කුක්කන් දෙදෙනෙකු මෙන් සිටියහ.

මහින්ද රාජපක්ෂ යුගයේ දී ගත් අති විශාල ණය කන්දේ වැඩිම ණය වාරික ගෙවීමට ඇති වසර මේ වසර සහ ලබන වසරය. සිරිසේන සහ රාජපක්ෂලා මේ අවස්ථාවේ ආණ්ඩුව විශ්වාස භංගයකින් පැරදුවහොත් රනිල් නොවන වෙනත් අගමැති වරයෙකු සහ එජාප ඇමැති මණ්ඩලය වෙනුවට වෙනත් අය යොදා ගනිමින් ආණ්ඩු කරගෙන යා යුතුය. මන්ද ආණ්ඩුව විසිරුවා මහ මැතිවරණයකට යෑමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති නිසාය. එසේ වන්නේ නම් පෙර කී ණය ගෙවීමේ බර කර ගැහීමට සිදුවන්නේ ඔවුන්ට ය. තමන් බලයට ගෙනා ආණ්ඩුව පරදා වෙනත් අය බලයට ගෙන ඒමට වැඩ සැලැස්වුවහොත් සිරිසේන ජනාධිපතිට දැනට තිබෙන පිළිගැනීම පවා ලෝකයාගෙන් අහිමි වනු ඇති අතර එවැනි රාජ්‍ය නායකයෙකු සිටින රටකට ආධාර කිරීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. එසේ නම් 2020 අලුත් ජනාධිපතිවරයෙකු එනතුරු කාල් ගෑමට රනිල් එළවා බලයට එන අයට සිදුවනු ඇත. එබැවින් මහින්ද රාජපක්ෂගේ මුළු වෑයම අගමැතිධූරය ගැනීම නොව විපක්ෂ නායකත්වය ගැනීමය. ඔහු ඒ බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

මේ හේතු මත ගම්මන්පිලගේ වීරවංශගේ සහ ජඩමාධ්‍ය වල විශ්වාස භංග යෝජනාවට බාලගිරි දෝෂය වැළඳීමේ වැඩි ඉඩ කඩක් ඇත.

කෙසේ නමුත් මෙම විශ්වාස භංගය ගෙන එනවා නම් එය ඉක්මනින් ගෙනැවිත් ඉක්මනට ඊට මුහුණ දී කාගේ කාගේත් බඩ සුද්ධ කර ගන්නවා නම් දැනට පවතින බඩේ අමාරුව සනීප වනු ඇත.

උපුටාගැනීම lankaenews

About article14_2

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!