Breaking News
Home / දේශීය පුවත් / ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා කියා සිටියි.මේ වන විට රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බවද ඔහු පවසයි.

වෛරසය පාලනය කිරීමට මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න නොහැකි බවත් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.
එසේම කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත.

නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ මෙම ආසාදිතයන් ප්‍රමාණය සොයා ගත්තේ පුද්ගලයන් 5367 දෙනෙකුට පරීක්ෂණ සිදු කිරීමෙන් බවයි.

මෙය කොළඹ නගරයෙන් හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද ඔහු සඳහන් කළේ ය.

  • lankacnews

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!