Breaking News
Home / දේශීය පුවත් / ගංවතුරට මිනිස්සු අවතැන් වුනා උදව් කලේ ශ්‍රී ලංකා යුධ හමුදාව දෙමල ජනතාවගේ ගැලවුම් කරුවෝ කියන ඩයස්පෝරාව කෝ – යුධ හමුදාපතිගෙන් සැර ප්‍රකාශයක්

ගංවතුරට මිනිස්සු අවතැන් වුනා උදව් කලේ ශ්‍රී ලංකා යුධ හමුදාව දෙමල ජනතාවගේ ගැලවුම් කරුවෝ කියන ඩයස්පෝරාව කෝ – යුධ හමුදාපතිගෙන් සැර ප්‍රකාශයක්

ගංවතුරෙන් අවතැන්වූ උතුරේ ජනතාවගේ පිහිටට මේ අවස්තාවේ සිටින්නේ යුද හමුදාව පමණක් බවත්, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ ඩයස්පෝරාවේ මේ අවස්තාවේ එම ජනතාවට පිහිට නොවන්නේ මන්දැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රශ්න කරනවා.

පසුගිය යුද සමයේ මියගිය අය පිළිබඳව නිතර කතාබහ නොකර උතුරු නැගෙනහිර ගංවතුරෙන් පීඩා විඳින අහිංසක ජනතාව ජීවත් කරවීමට ආධාර කරන්නැයි දෙමළ ඩයස්පෝරාවට තමා කියා සිටින බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටිනවා.

උතුරු සහ නැගෙනහිර ජනතාව පිළිබඳව ඩයස්‌පෝරාවට අනුකම්පාවක්‌ ඇත්නම් ඔවුන් ගැන සොයා බලා මේ මොහොතේ ඔවුන්ට උපකාර කළ යුතුව තිබෙන නමුත් අදත් හෙටත් කවදත් එම ජනතාවගේ දුක සැප බලන්නේ යුද්ධ හමුදාව බව කී හමුදාපතිවරයා අද උතුරේ සෑම ලේ බැංකුවකම පවතින්නේ රණවිරුවන් පරිත්‍යාග කළ ලේ වර්ග යෑයිද පවසනවා.

දෙමළ ඩයස්‌පෝරාව සමුගත් පුද්ගලයන් වෙනුවෙන්ම කතා කරන නමුත් උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා නොකිරීම ගැන කනගාටුවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා කීය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් අගමැතිවරයාගේ ඡායා අමාත්‍යවරු ලෙස පෙනී සිටීමට උත්සාහ දරන නමුත් මේ අවස්‌ථාවේදී එවැන්නක්‌ සිදු නොවිය යුතු බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය.

ශිවාජිලිංගම් මහතා මේ බව පැවසුවේ යාපනයේ වඩමරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කළ සුනාමි සැමරුම් උළෙලකට සහභාගි වූ අවස්‌ථාවේදී එහි සිටි මාධ්‍යවේදීන් පිරිසක්‌ විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

දෙමළ ජාතික සන්ධානය නමැති පක්‍ෂය බිහිවී ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට මිස කිසිම රජයකට කත් ඇදීමට නොවන බව පැවසූ ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ බොහෝ අයකුට මේ අවස්‌ථාවේදී අවශ්‍යතාව ඇත්තේ රජයෙන් තාන්න මාන්න හා වරප්‍ර්‍රසාද ලබා ගැනීමට පමණක්‌ යෑයිද කියා සිටියේය.

සියලුම දෙනා මේ අවස්‌ථාවේදී රනිල් වික්‍රමසිංහ යනු කවර චරිතයක්‌ දැයි තේරුම්ගත යුතු බව 2002 වසරේ දී ඔහු ප්‍රභාකරන් සමග ගිවිසුම අත්සන් කළදා සිට 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය දක්‌වා ගතවූ කාලයේදී ඔහුගෙන් දෙමළ ජනතාවට ලැබුණු දේ ගැන ආපසු හැරී සිතා බැලිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රභාකරන් සමග ගිවිසුම අත්සන් කිරීමෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජනතාව රැවටූ බව කියා සිටි ඔහු මේ අවස්‌ථාවේදී දේශපාලන වශයෙන් අනාථ භාවයට පත්ව සිටින දකුණේ දේශපාලන නායකයන් දෙමළ ජාතික සන්ධානයේ කරපිටින් ගොස්‌ අවසානයේ දී ඔවුන් රවටන තත්ත්වයකට පත්ව ඇතැයිද ප්‍රකාශ කළේය.

ඕනෑම අයෙකු සමග යම් ඉල්ලීමක්‌ කරන්නේ නම් එය ඉටුකරන බවට පොරොන්දු වූ විට එය ලිතව ලබා ගන්නා මෙන් තමන් දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට පසුගිය කාලයේදීම බල කළේ මෙම තත්ත්වය ඉතා මැනවින් අවබෝධ කරගත් නිසා යෑයිද හෙතෙම සඳහන් කළේය.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!