Breaking News
Home / කාටූන් / කෝලි-මෝදි හමුව. කෝලි ඉන්දියාවේ දේශපාලනයට කොයි තරම් වටිනවාද? අගමැතිත් නැවෙන ඉන්දියාවේ ක්‍රිකට්

කෝලි-මෝදි හමුව. කෝලි ඉන්දියාවේ දේශපාලනයට කොයි තරම් වටිනවාද? අගමැතිත් නැවෙන ඉන්දියාවේ ක්‍රිකට්

ඉන්දිය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩි නිළි අනුෂ්කා ශර්මාගේ විවාහ උත්සවය පසුගිය 11 වැනිදා ඉතාලියේදී පැවැත්වුනේ පවුලේ සහ සමීප හිතමිතුරන්ගේ සහභාගිත්වයෙනි.සිය විවාහය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ කෝලි යුවළ, තමන්ගේ පවුලේ ඥාතීන් සහ සමීප හිත මිතුරන් පමණක් විවාහ මංගලෝත්සවයට සහභාගි වූ බවත් මෙම විවාහ මංගලෝත්සවය පෞද්ගලික අවස්ථාවක් විය යුතු යයි ඔවුන්ගේ අදහස වූ බවත් පවසා තිබිණ.
විවාහයෙන් පසු තමාගේ පණිවිඩය කෝලි ලෝලීන්ට ට්විටර් හරහා ලබාදුන් විරාත් කෝලි,“සදහටම ආදරයෙන් බැඳී සිටින බව අද දින අපි එකිනෙකාට පොරොන්දු වූයෙමු. මේ අලංකාර දිනයේ එම ප්‍රවෘත්තිය ඔබ සියලු දෙනා සමගින් බෙදා හදා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අපි භාග්‍යවන්තයෝ වන්නෙමු” ලෙස සිය ටිව්ටර් ගිණුමේ සටහන් කර තිබිණ.

විවාහය ඉතාලියේදී පැවැත්වූ නමුත් මෙම විවාහ මංගලෝත්සවය සම්පූර්ණයෙන්ම හින්දු චාරිත්‍රානුකූලව පැවැත්විණ.

කෝලි සහ අනුෂ්කා දෙසැම්බර් 21 වැනිදා දිල්ලියේදී සිය නැදෑ හිතමිතුරන් වෙනුවෙන් සාදයක් පවත්වන බව වාර්තා වන අතර ලබන අතර දෙසැම්බර් 26 වැනිදා මුම්බායිහිදි බොලිවුඞ් තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙනු සාදයක් පැවැත්වීමට සූදානමින් සිටිති. අනතුරුව දෙදෙනාම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ ඉන්දීය පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ වන නිසාය.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 4 වැනිදා කේප් ටවුන් නුවරදී ආරම්භ වන අතර ඒ සතියේදීම අනුෂ්කා ෂර්මා තමන්ගේ ගිවිසුම් අනුව කටයුතු කිරීම සඳහා මුම්බායි බලා පැමිණෙනු ඇතයි වාර්තා වේ.

ඉන්දිය මාධ්‍ය විසින් විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මා යුවළ ‘විරුෂ්කා’ යන අන්වර්ථ නාමයෙන් හැදින්වීමට ආරම්භ කර තිබේ. විවාහයෙන් අනතුරුව දෙදෙනාම මුම්බායිහි පදිංචි වන බවද කෝලි යුවළගේ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වතත් ඉන්දියාවෙන් පිටත තම විවාහය සමරපු කෝලි සහ අනුෂ්කා ඊයේ ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් මුලින්ම කර ඇත්තේ ඉන්දියාවේ අගමැති තුමා නරේන්ද්‍ර සිං මොධි මහතාව හමුවිමටයි. ඔවුන් මේසේ එහි ගොස් ඇත්තේ ඔවුන්ගේ ඉන්දියාවේ පවත්වනු ලබන විවාහ උත්සව සාධයට අගමතිතුමාට ආරාධයන කිරීමටයි.ඒ අනුව ඔවුන්ගේ ඉන්දියාවේ පවත්වන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා නරේන්ද්‍ර සිං මොධි වනු ඇත කෙසේ වෙතත් මෙම හමුව පිළිඹඳව නරේන්ද්‍ර සිං මොධි මහතාද ෆේස්බුක් ඔස්සේ සඳහන් කර තිබුනා. එහිදී ඔහු යුවලට සුභ පැතීමටද අමතක කරතිබුනේ නෑ. එම සටහන පහතින්

About article14_2

Check Also

හරින්ට තවත් ඇමතිකමක් ලැබෙන්න යයි මේ එජාප තනි ආණ්ඩුවක පෙරනිමිතිද?

තමන් දැනට දරන ඇමති ධුරයට අමතරව තවත් ඇමති කොටසක් තමාට ලැබෙන බව විදුලි සංදේශ හා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!