Breaking News
Home / Video / කෝලිට තරගය අතරතුර ප්‍රේක්ෂකයෙක් පිටිය මැදට ඇවිත් වැඳ වැටෙයි. කෝලිගේ මනුස්සකම පෙන්නමින් ඔහු සමග සෙල්ෆියක් ගහයි

කෝලිට තරගය අතරතුර ප්‍රේක්ෂකයෙක් පිටිය මැදට ඇවිත් වැඳ වැටෙයි. කෝලිගේ මනුස්සකම පෙන්නමින් ඔහු සමග සෙල්ෆියක් ගහයි

සාමාන්‍යයෙන් ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් ‘ගෝඩ් ඔෆ් ක්‍රිකට්‘ එහෙමත් නැතිනම් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් ලෙස හඳුන්වන්නේ සචින් ටෙන්ඩුල්කාර්.එක්දින තරඟ වල මෙන්ම ටෙස්ට් තරඟ වලත් එතෙක් මෙතෙක් වැඩිම ලකුණු රැස් කරගෙන ඉන්න ක්‍රීඩකයා වීමත්, වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වීමත් නිසා ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයෝ ඔහුට ඒ නම්බු නාමය දීලා තියනවා..

හැබැයි දිනෙන් දින ඒ නාමය තමන් සතු නරගන්න ලෝකයේම ක්‍රිකට් රසිකයන් ලකුණු මැෂිමක් විදියට හඳුන්වන ඉන්දියානු නායක විරාත් කෝලි ළඟ ළඟම එනවා.ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් ඒ තරම් ඔහුට ආදරෙයි.ඔහු ක්‍රිකට් පිටියේ පෙන්වන දස්කම් විස්කම් නිසාම රසිකයන්ගේ ඒ ආදරය ගැනත් පුදුම වෙන්න දෙයකුත් නෑ…

ඒකට හොඳම උදාහරණයක් පසුගිය සෙනසුරාදා රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතර පැවති තරඟයේදී දැක ගන්න ලැබුණා.මේ තරඟයේදී ඒබි ඩිවිලියර් එක්ක එකතු වුණු කෝලි පන්දු 40කින් ලකුණු 70ක් රැස් කරලා බැංගලෝර් පිල දිනුම් කණුව වෙත රැගෙන ගියා. කොහොම වුණත් කෝලිගේ ඉනිම අතරතුරදී පිටියට ආපු රසිකයෙක්, කෝලි කකුල්දෙක අල්ලලා දණ ගහලා වැන්දා.

ආරක්ෂක අංශ නිළධාරීන්ටවත් නවත්වන්න බැරි වුණ මේ රසිකයා පිටිය මැදටම ඇවිල්ලා කෝලි එක්ක සෙල්ෆි ඡායාරූපයකුත් ගත්තා.පස්සේ ආරක්ෂක අංශ නිළධාරීන් ඇවිත් ඔහුව පිටියෙන් ඉවත් කළා.ඒ වෙලාවේ පිටියේ විනිසුරු ලෙස කටයුතු කරපු අපේ ධර්මසේනත් පැත්තකට වෙලා මේ දෙවල් බලන් ඉන්නවා දැක ගන්න ලැබුණා.

About lanka_2

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!