Breaking News
Home / දේශීය පුවත් / කෝටි 5000 වියදම් කර බෙලිඅත්තට හදපු කෝච්චි පාර හදපු එකා කවුදැයි තෝරද්දී දවස් දෙකෙන් පාර ගිලා බසී

කෝටි 5000 වියදම් කර බෙලිඅත්තට හදපු කෝච්චි පාර හදපු එකා කවුදැයි තෝරද්දී දවස් දෙකෙන් පාර ගිලා බසී

මීට දින කීපයකට පෙර විවෘත කරන ලද බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ තැනින් තැන ගිලා බැසීමේ අවදානමක් මතුව ඇතියි වාර්තා වෙනවා. මේ තත්වය නිසා මාතර දුම්රිය ස්ථානයේ සිට එන එංජිම සහිත දුම්රිය බෙලිඅත්ත දක්වා ධාවනය නොකෙරේ.

ඒ වෙනුවට මාතර සිට මැදිරි කීපයක් සහිත බලවේග කට්ටල දුම්රියක් ධාවනයේ යොදවා ඇත.මහනුවර වව්නියාව කොළඹ ආදී දුර ප්‍රදේශවල සිට බෙලිඅත්ත බලා යන මගීන් මාතර දුම්රිය ස්ථානයේ සිට බලවේග දුම්රිය කට්ටලයක් මගින් බෙලිඅත්ත බලා රැගෙන යනු ලැබේ.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ඈත ප්‍රදේශවලට යන මගීන්ද බෙලිඅත්තේ සිට බලවේග කට්ටල දුම්රියකින් මාතර දුම්රිය ස්ථානය වෙත රැගෙන පැමිණි පසු එහිදී නැවත එංජිම සහිත දුම්රියකට නැගීමට මගීන්ට සිදුව තිබේ.

එංජිම සහිත දුම්රියක් ධාවනය කිරීමේදී බර වැඩිවීම හේතුවෙන් ගිලා බැසීමේ අවදානම වැඩි විය හැකි බැවින් ඒ වෙනුවට බලවේග කට්ටල දුම්රියක් ධාවනයේ යොදවන බව බලධාරීන් පවසනවා.

පසුගිය පරීක්ෂණ චාරිකාවේදී හා විවෘත කල අවස්ථාවේදී එය සැදුවේ හිටපු ජනාධිපති බව පවසා ඔහුගේ ආධාරකරුවන් විශාල කාලගෝට්ටි ඇතිකළ අතර ඊයේ(11) දිනයේද මහින්ද රාජපක්ෂ විසින් එය නැවත විවෘත කල ආකාරයේ උත්සවයක් ඔවුන් විසින් පවත්වාද තිබුනා.

චීනය විසින් ඉදිකළ මෙම මාර්ගය මේ වන විට ගිලා බසින නිසා එම කොටස් සැදුවේ අපි නොවේ කියා මීලගට කාල්ගොට්ටි කරන්නට එම පිරිස් පාරට බසිදැයි අපට බලා සිටීමට සිදුවේ. මෙම මාර්ගය සැදීමට ඩොලර් මිලියන 278 ක් වැය කර තිබෙනවා. එනම් රුපියල් කෝටි 5000 කට වඩා ජනතා බදු මුදල් ප්‍රමාණයක් වනවා.

කවුරුන් කලත් ජනතා බදු මුදල් බව මොවුන් කිසිවකු තේරුම් නොගන්නා තාක් කල් තවත් ගිලා බසින මාර්ග පලක් නැති ගුවන් තොටවල් වරායවල් සම්මන්ත්‍රණ ශාලා ක්‍රීඩාංගන සැදීමට පාලකයන් අනිවරෙන් කටයුතු කරන්නේ තම තමාගේ මල්ල තර කර ගැනීමටයි.

About article14

Check Also

එජාපයෙන් ඩිල්දාස අලුතින් බෙර ගසා ගෝඨාට එක්වෙයි

අධිකරණ ඇමතිව සිට වසර 3 පමණ කිසිදු ක්‍රියාමාර්ගයක් රාජපක්ෂ වරු වෙනුවෙන් ගන්නට නොදුන්නායයි එජාපයෙන්ම චෝදනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!