Breaking News
Home / දේශීය පුවත් / කෝටි 50 වටින කන්තලේ සිනි සමාගමේ යකඩ ගොඩ විකුනන්න කෝටි 60 පගාව ඉල්ලපු සිරිසේනගේ කාර්යමණ්ඩල ප්‍රධානි කාලකන්නියගේ මුළු විස්තරේ

කෝටි 50 වටින කන්තලේ සිනි සමාගමේ යකඩ ගොඩ විකුනන්න කෝටි 60 පගාව ඉල්ලපු සිරිසේනගේ කාර්යමණ්ඩල ප්‍රධානි කාලකන්නියගේ මුළු විස්තරේ

ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිදුවීම සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රජිත කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත.

එම සටහන මෙහි දැක්වෙයි.

කන්තලේ සීනී කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘කන්තලේ ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපෘතිය‘ යෝජනා කෙරුණි. එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100 කි.

කන්තලේ සීනි සමාගම යනු ඉඩම් හා අතහැර දමන ලද ගොඩනැගිලි හා යන්ත්‍ර‍ කිහිපයක් පමණී. ලංකා රජයට මේ ව්‍යාපෘතිය මගින් ස්ථාපනය වන සමාගමේ කොටස් 51% ක් ලැබේ. ඒ වෙනුවෙන්, ලංකා රජය දෙන්නේ මොනවාද? සත්‍ය වශයෙන්ම කිසිවක් නැත!

කථාව කෙටියෙන් කියමි.

එම්ජී ෂුගර්ස් සමාගමෙන් දැවැන්ත මුදලක් (අල්ලසක්) උදුරා ගන්නට ආචාර්ය අයි.කේ. මහානාම උත්සාහ කළේය. මේ ගැන එදා දුෂණ විරෝධී පෙරමුණ කථා කළේය. සමාගම ඉල්ලා සිටියේ ගොඩනැගිලිවල ඉතිරි කොටස් නව හා යන්ත්‍ර‍ නව සමාගමට දෙන ලෙසය.

කිසිදු හේතුවක් නොදක්වා එදා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් මහානාම එයට විරෝධය පළ කළේය. ඩොලර් මිලියන 100 ක ආයෝජනය නැවතුණි. කන්තලේ දියුණු කළ හැකි ආයෝජනය නැවතුණි.

මේ සිද්ධිය ගැන මුලින්ම කථා කළේ මාගේ මිතුරු හිටපු ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ය. උපුල් ට, මහානාම මුදල් ඉල්ලන බව කෙළින්ම ජනමාධ්‍යයට කියන්නට තරම් ශක්තියක් තිබුණි.

මේ ගැන විමසූ කළ, උපුල් කීවේ ‘ලංකාවට ලැබිය හැකි අගනා ආයෝජනයක් හොරු කිහිප දෙනෙකු නිසා අහිමි වන බවයි.‘ අවසානාවකට මේ චෝදනාවට මඩ වැදුණේ හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන හිටපු ඉඩම් ඇමතිතුමාටය.

දැන් වසර දෙකක් පුරා ‘එම්.ජී. සුගර් හා රජය ‘ජාත්‍යන්තර බේරුම්කරණයට‘ ගොස් ඇත. රටට දැවැන්ත ආයෝජනයක් අහිමි විය. අල්ලසක් නිසා ආයෝජනයට බාධා කළ පුද්ගලයා හිටපු ඉඩම් ලේකම් ය.

අත්අඩංගුවට පත් වන දෙවන පුද්ගලයා CBK’s long time Secretary දිසානායක, ගේ පුත්‍ර‍යා මෙම ගනුදෙනුවේ මැදිහත්කරුය. ඔහු විවාහ වී සිටින්නේ කුරුණෑගල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගේ දියණිය සමගිනි.

රටට ඩොලර් මිලියන 100 ක ආයෝනයක් ගෙන ආ සමාගමට යන එන මං නැත. මුදල් ද, ව්‍යාපාරය ද නැත. කප්පම් කරුවෝ අල්ලස් ඉල්ලති. එය නොලැබෙන විට අහක යන ලෙඩ දමති.

මෙයට මාස කිහිපයකට පෙර, ජනාධිපති ලේකම් කාර්යාලයට ‘ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍ර‍ධානී‘ තනතුරට පුද්ගලයෙකු අවශ්‍ය වන්නේය. මාසයකට පෙර, එයට ආචාර්ය මහානාම යෝජනා වි එම තනතුර ලබන්නේය.

(මෙවන් දුෂිතයෙකුට ජනාධිපති කාර්යාලයේ තනතුරක් ලැබීම තුල ජනාධිපති කාර්යාලයේ අකාර්යක්ෂමතාව පිළිබද අදහසක් ලබා ගත හැකිය)

ඔහු තමන් නැවතු තැනින්, පටන්ගන්නේය. තමන් ජනාධිපති කාර්යාලයේ බැවින් ව්‍යාපාරය ඇරඹිමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බව කියා ඔහු ඉල්ලන්නේ කෝටි 60 කි (එය ඉඩම් ලේකම් සමයේ දී ඉල්ලු මුදලයි) පසුව එය කෝටි 10 ට පහත වැටෙන්නේය.

අද, අල්ලස් කොමිසම මුදල් දෙන විට අල්ලා ගන්නේ එයින් කෝටි 2 ක් ලබා ගන්නට පැමිණි අවස්ථාවේ දී ය! ((කන්තලේ යකඩ ගොඩේ සත්‍ය වටිනාකම කෝටි 50 ක් යැයි කියනු ලැබේ.)

– Keerthi.tennakoon FB

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!