Breaking News
Home / දේශීය පුවත් / කෝටි ගණන් වියදම් කරන ස්ලිම් නිල්සන් සම්මාන දිනන හිරු මාධ්‍ය ජාලය හිටි හැටියේ සේවකයන්ට පඩි නොගෙවා පැහැර හරින බවත් බංකොලොත් වීගෙන යන බවත් රාවයක්

කෝටි ගණන් වියදම් කරන ස්ලිම් නිල්සන් සම්මාන දිනන හිරු මාධ්‍ය ජාලය හිටි හැටියේ සේවකයන්ට පඩි නොගෙවා පැහැර හරින බවත් බංකොලොත් වීගෙන යන බවත් රාවයක්

කෝටි ගණන් වියදම් කරමින් ජනතාව රවටන්නට ලොකු ලොකු පින්කම් කලද හිරු අයිතිකරුගේ සැබෑ පින්වන්ත කම දැනටමත් රටම දන්නා අතර නොදන්නා සුළු පිරිස හා ඒවා විශ්වාස නොකරන පිරිසට නුදුරු අනාගතයේදී මේ සියල්ල ඔප්පුවනු ඇත යනුවෙන් රටේ ඉහල පුටුවට අයත් වෙබ් අඩවියක් හිරු ආයතනය පිළිබද විවේචනයක් කර තිබෙනවා.

මතින් නිදහස් රටක් වෙනුවෙන් ජනාධිපති සිරිසේන සිය ධූරයේ අවසාන කාල සිමාවේ ආරම්භ කල මෙහෙයුමෙන් එම නාලිකාව කණකොකා හැඩීම ආරම්භ වී ඇති බව ඔවුන් සදහන් කරනවා. රටේ අනාගත තරුණ ප්‍රජාව සහ රට විනාශ කරමින් හිමිකරු ඇතුළු පිරිස ගෙන ගිය ව්‍යාපාර දැඩි බලපෑම් එල්ලවීම සමග එම කළුසල්ලි ඉපයීමට ඉඩ කඩ ඇහිරී ඇති බව ඔවුන් සදහන් කරනවා.

එමෙන්ම හිරු නාලිකාව සමඟ සමීපව කටයුතු කල නිෂ්පාදන සමාගම් රැසක්ද මේ වනවිට සිය මුදල් නොගෙවීම නිසා දැඩි අර්බුධයකට මුහුණ දී ඇති අතර ඉදිරි වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතුද ඇන හිටින තත්වයකට පත්ව ඇති බව වාර්තා රටේ මුල් පුටුවට සම්බන්ද වෙබ් අඩවියක් සදහන් කර තිබෙනවා.

එම වෙබ් අඩවිය හිරු හිමිකාරිත්වය හා ඔහුගේ පුද්ගලික ජීවිතය පවා විවේචනය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔක්තෝබර් 26 හා ඉන් පසුත් සිරිසේන කල්ලිය හා මෙම මාධ්‍ය අතර අර්බුධයක් නොතිබූ අතර මේ වන විට ඔවුන්ගේ සම්බන්ධකම් වලට යම් ප්ප්‍රශ්නයක් ඇතිවූ නිසා ජනතාව හිටිහැටියේ මතක් වී ඇති බවත් මතක් කල යුතුයි. අමනාප වන විට වැරදි එලි කිරීමටත් මිතුරු වන විට වැරදි සගවා කිරුළු පළඳන තුප්පහි සංස්කෘතිය නිර්මාණය කලේ මේ රටේ මෑත දශකයක දෙකක අශිෂ්ඨ දේශපාලකයන් විසිනි.

About article14

Check Also

පිබිදෙමු පොලොන්නරුව යටතේ එක පෙලට විවෘත කල හිගුරක්ගොඩ බස් නැවතුම්පල කඩා වැටෙයි

“පිබිදෙමු පොළොන්නරුව” නමින් ජනාධිපති සිරිසේනගේ මූලිකත්වයෙන් දියත් වූ සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 100ක මුදලක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!