Breaking News
Home / දේශීය පුවත් / කොළඹ පුරපති රෝසිගේ රත්තරන් වැසිකිලිය වගේම පඩියත් වැඩිකරගන්න යයි දැනට මාසිකව ලක්ෂ 24 ක් පඩි වලට වැයවෙද්දීත් ඒක ලක්ෂ 77 ක් කරගෙන

කොළඹ පුරපති රෝසිගේ රත්තරන් වැසිකිලිය වගේම පඩියත් වැඩිකරගන්න යයි දැනට මාසිකව ලක්ෂ 24 ක් පඩි වලට වැයවෙද්දීත් ඒක ලක්ෂ 77 ක් කරගෙන

කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක්‌ දක්‌වා වැඩි කිරීමට නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කාරක සභාව විසින් අනුමත කර ඇත.

පෙරේදා (13 වැනිදා) අනුමත කර ඇති මෙම යෝජනාවට අනුව මන්ත්‍රී දීමනාව සඳහා එම මහා නගර සභාව මාසිකව අමතරව දැරිය යුතු මුදල රුපියල් 53,55,000 කි.

මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාව ඉකුත් 26 වැනිදා නරගාධිපතිනිය මහා සභා රැස්‌වීමට ඉදිරිපත් කර තිබූ අතර පසුව එය අනුමැතියට එදින මුදල් කාරක සභාවට යොමු කරනු ලැබීය. මන්ත්‍රීවරයකුට මෙම දීමනාවට අමතරව දුරකථන, ප්‍රවාහන හා මුද්දර වියදම් සඳහා මාසිකව අමතර දීමනාවක්‌ දැනටමත් හිමිවෙයි.

මන්ත්‍රීවරුන් 53 ක්‌ව පැවැති කොළඹ නගර සභාවට නව මැතිවරණ ක්‍රමයෙන් පසුව මන්ත්‍රීවරුන් 119 දක්‌වා වැඩිවිය. මෙම 119 දෙනාගේ මාසික දීමනාව සඳහා රුපියල් 23,80,000 ක්‌ දැනට මාසිකව වැය වෙයි.

මේ අතර මෙම දීමනා වැඩි කිරීමේ යෝජනාවට නොසතුට පළ කරන බව කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය පෙරේදා නගරාධිපතිනියට ලිතව දැනුම් දී ඇත.

සමස්‌තයක්‌ ලෙස ජනතාව මේ වන විට ආර්ථික හා සමාජයීය වශයෙන් ආර්ථික දුෂ්කරතාවට මුහුණදී ඇති නිසා ඒ වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්විය යුතුව ඇති බවත් එවන් අවස්‌ථාවක මෙසේ දීමනා වැඩි කිරීම යෝග්‍ය නැති බවත් ඇය පෙන්වාදී තිබේ.

සභික දීමනා ප්‍රමාණවත් නොවුණත් මේ මොහොතේ දීමනා වැඩි කිරීමට ගත් තීරණය සුදුසු නැති බවත් ඇය පෙන්වා දෙයි.

මේ පිළිබඳව කළ විමසීමේදී මන්ත්‍රීවරිය සඳහන් කළේ නගරාධිපතිනියගේ යෝජනාව මුදල් කාරක සභාව අනුමත කර ඇති බවයි.

– divaina

අපගේ මතයනම් මේ ජරාජීර්ණ වී ගදගහන දේශපාලනයට තවත් රුපියලක්වත් වැඩියෙන් වැය නොකළ යුතු අතර මෙය ස්වෙච්චා සේවයක් මට්ටමට ගෙන ආ යුතුය. එවිට රටට අවංක සේවයක් කල හැකි අය පමණක් දේශපාලනය පැමිණ මෙය ව්‍යාපාරයක් බවට පත්වීම වැළකිය හැක

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!