Breaking News
Home / දේශීය පුවත් / කොළඹ දිස්ත්‍රික්කයෙන් Bio කරලා A3යි. Rank එක 269. ගන්නේ 210යි. ඉතිං මේ ළමයි යන්නේ කොහෙද?

කොළඹ දිස්ත්‍රික්කයෙන් Bio කරලා A3යි. Rank එක 269. ගන්නේ 210යි. ඉතිං මේ ළමයි යන්නේ කොහෙද?

උපුටාගැනීම
*************************
අධ්‍යාපනයේ fuck සිස්ටම් එක නොහොත් විභාගය තුළම දරුවාව මැරීමේ කලාව

මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටිය ළමයෙක්ගෙ ප්‍රතිඵලයක්..

දැක්කාම සෑ වෑව් සුපිරි නේද? Bio කරලා A 3ක් ගන්නවා කියන්නෙ ඌ කොච්චර කැප කිරීමක් කරපු එකෙක්ද කියලා කෝණමාන වලින් මැනලා ඉර බහින අංශක ගාණ මැනලා කියන්න ඕන නෑනෙ..

ඒත් විශ්වාස කරනවද මේ ප්‍රතිඵලය එක්ක මේ මනුස්සයට වෛද්‍ය පීඨයට යන්න වරම් නෑ .. කොලඹින් සමස්ත ලංකාවේ වෛද්‍ය පීඨවලට වරම් ලබන්නෙ 210යි.. අර Quota system ද මොකක්ද එකට අනුව එහෙම තමයි වෙන්නෙ.. ලංකාවෙන් 1400ක් වෛද්‍ය පීඨයට වරම් ලබන කොට ලංකාවෙන් 1000ට අඩුවෙන් rank එකක් තියෙන එකාට දිස්ත්‍රික්කේ ඩෙස් පුටු වල ලස්සන නිසා quota එකෙන් කැපෙන්න වෙනවා..

සමහර පළාත් වල B2යි C1ට quota එකෙන් වෛද්‍ය පීඨයට වරම් ලබනකොට A3ක් අරන් මුන් වෙන මොකක් හරි උපාධියක් කරන්න හිත හදාගන්න වෙනවා..

මේක මහ පිස්සුවක්නෙ.. අධ්‍යාපන රටාවම කුණුහරපයක් වුන රටක මේ වගෙ සංවේදි කාරණා සම්බන්ධයෙන් නම් පියවරක් ගැනෙන්නෙම නැති වෙයි..මේක අධ්‍යාපන රටාව තුළ දරුවා මැරීමක්..

🖕🖕🖕🖕🖕
අනව තප්ත විල

දිස්ත්‍රික් කෝටා හරි මොන බම්බුව හරි මේ ළමයි ජීවිතය පටන් ගන්නේම මනසින් වැටිලා. මෙච්චර කරලත් ජීවිතේ ජයගන්න බැරිවුනා. මේවා කරුම කියාගෙන. ඉතිං මේ රටේ බිහිවන්නේ කොන්ද කැඩිච්ච විශ්වාසය නැති ජාතියක්.

පුද්ගලික අංශයෙනුත් මේවගේ ඉහල සුදුසුකම් ඇති අයට යන්න රජයේ වෛද්‍ය විද්‍යාල මට්ටමේම ආයතන තියෙන්න ඕන. තව රජයේ උන් පහසුකම් වැඩි කරලා තව පීඨ හදන්න ඕන. ඒත් ඒ වෙනුවට කරන්නේ සබීතගේ බිල්ඩිමට කෝටිගනන් ගෙවාගෙන කාර් බාර් වලට කැඩිච්ච නැව් වලට කෝටි ගනන් අරගෙන උන්ගේ යහපත වෙනුවෙන් මුදල් වියදම් කරන එක.

මේ රට හදන්න අවංක එකෙක් මෛත්‍රී බුදුන් බිහිවෙනකම්වත් බිහිවෙන්නේ නැති එකනම් දැන් අන්තිම ඇත්තක්. මෑත දශක තුනක කාලයක් රට පාලනය කරන්නේ පිස්සො හොරු. උන්ට මේ වගේ රටේ කොඳු නාරටියට විසදුම් දෙන්න කවදාවත් බැරි වෙලා තියෙනවා. මේ අසරණ ළමයිගේ අනාගත ආරම්බයේම විනාශ කරනවට රට පාලනය කරන උන්ගේ පවුල් පිටින් ශාප කරනවා ඇරෙන්නේ රටේ සාමන්‍ය ජනතාව විදියට අපට දැන් දෙයක් ඉතිරි වී නෑ. උන් අපො වගේ සාමාන්‍ය මිනිහා කියන දේ අහන්නේ නෑ.

About article14

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!