පසුගිය 06 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ නගරයේ පී.සී.ආර් පරීක්ෂණ 2884 ක් සිදුකළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
ඒ අතරින් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බව ඔහු කියාසිටියේය. නමුත් එම ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු පමණක් කොළඹ නගරයෙන් වාර්තා වී ඇති බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර චක්‍රලේඛ නිකුත් කළ ද ජනතාවගේ සහය නොමැතිව කොවිඩ් නයින්ටීන් වසංගතය මර්දනය කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
ඔහු පවසන්නේ දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව ක්‍රියා නොකර ආයතනවට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය. මේ අතර, මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබේ. – ada derana