Breaking News
Home / දේශීය පුවත් / එක අයෙක්ට රු 10000 ක දීමනාවක් හා රාජ්‍ය සේවකයන්ට දීමනා එජාපයෙන් සැලැස්මක්

එක අයෙක්ට රු 10000 ක දීමනාවක් හා රාජ්‍ය සේවකයන්ට දීමනා එජාපයෙන් සැලැස්මක්

කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත් අසරණ පවුල් වෙත මසකට රුපියල් 10,000 ක දීමනාවක් පිරිනමන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි .

මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තම ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු දක්වන එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ කොරෝනා වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයකට රැකියා අහිමි වන්නේ යැයි ගණන් බලා ඇති බවයි.

මෙම වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූ සෑම කෙනකුටම ද රුපියල් 10,000 ක මාසික දීමනාවක් ලබා දෙන බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂය විදේශ රැකියා අහිමිවී මෙරටට පැමිණෙන අයට ද මෙම සහනය හිමිවෙන බව සඳහන් කරයි .

රාජ්‍ය සේවකයන් සඳහා අත්හිටුවා ඇති සියලු දීමනා යළි ලබා දෙන බවත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මිලියන 50 කට වඩා අඩු ණය ලබා ඇති සියලු දෙනාට ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබාදෙන බවත් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරයි.

www.unp.lk යන වෙබ් අඩවියෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය බැලිය හැකි

About article14

Check Also

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!