Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවතත් ලංකාව හෙළා දකී

කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවතත් ලංකාව හෙළා දකී

උතුරු කොරියාව විසින් සිදුකරනු ලැබූ න්‍යෂ්ටික අත්හදා බැලීම් ශ්‍රී ලංකා රජය විසින් හෙළා දැක තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 3 වැනිදා උතුරු කොරියාව විසින් සිය හයවන න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා දිගින් දිගටම උල්ලංඝණය කරමින් උතුරු කොරියාව සිදුකරනු ලබන මෙම න්‍යෂ්ටික අත්හදා බැලීම් එම කලාපයේ මෙන්ම ඉන් ඔබ්බෙහි සාමය හා ස්ථාවරත්වයට තර්ජනයක් බව ශ්‍රී ලංකා රජය පෙන්වා දෙයි.

 

ඊයේ දිනයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කරගත් නවතම යෝජනාවලියට සාදරයෙන් පිළිගන්නා බව ද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

 

adaderana

About article14

Check Also

ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!