Breaking News
Home / විශේෂ ලිපි / කොමන් වෙල්ත් බොක්සින් පදක්කමක් ඉතිහාසේ ප්‍රථම වරට ස්ථීරයි. රන් පදක්කමට යන අනූෂාගේ ධෛරවන්ත කථාව

කොමන් වෙල්ත් බොක්සින් පදක්කමක් ඉතිහාසේ ප්‍රථම වරට ස්ථීරයි. රන් පදක්කමට යන අනූෂාගේ ධෛරවන්ත කථාව

අනූශා..අනූශා.. අනූශා.. මේ කටකාර පුංචි සිරුරක් තියෙන කොලු කෙල්ල පොදු රාජ්‍ය මණ්ඩලීය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබලා කියලා දැන ගත්තාම ඉහේ මලක් පිපුණා වගෙ සතුටක් දැනුනා.. මොකද අනූශා කොඩිතුවක්කු කියන්නෙ පුංචි කාලෙ ඉදන්ම පුදුම ඇම්මක් තිබුන කෙල්ලෙක්..

ඒ ඇම්ම කවදාවත් අඩු වුනෙ නෑ… ring එකට නැග්ගොත් ගහලම තමයි එන්නෙ.. වතාවක ජාතික ශූරතාවයකදි අනූශා සෙල්ලම් කරනවා පළවෙනි වතාවට දැකලා සෝදිසියෙන් බැලුවේ මං බලන්න ආවේ ජාතික ශූරතාවයක්ද කියලා විශ්වාස කරන්න බැරිව.. ඉන්දියාවේ Mary Com ද මේ ඉන්නෙ කියලා ආයෙ බැලුවා..

අනූශා කියන්නෙ වෙන රටක හිටියනම් බ්‍රෑන්ඩ් එකක් මේ වෙනකොට… ඇය ආසියානු රන් පදක්කමක් ලංකාවට ගෙනාපු ක්‍රීඩිකාවක්. ලෝක ශූරතා පදක්කමක් ලංකාවට ගෙනාපු ක්‍රීඩිකාවක්.. හෝව් හෝව්..ඉවර නෑ.. දැන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියක බොක්සින් ඉසව්වෙන් පදක්කමක් ගේන පළමු ශ්‍රී ලාංකීකයා තමයි අනූශා කියන්නෙ..

ඉවර නෑ තවමත්.. මතකය දිව යනවා 2016 දකුණු ආසියානු තරඟාවලියට..එහිදි අනූශාට අවසන් මහ තරඟයෙදි මුණ ගැහෙන්නෙ ලෝක ශූරියක් වෙන ඉන්දියාවේ Mary Com ව.. මේරි ගෙ නීති විරෝධී තරඟ රටාව නිසා අනූශගෙ කකුල ආබාධයකට ලක් වෙනවා.. මාස ගණනක් තරඟ බිමට එන්න බැරිව අනූශට ප්‍රතිකාර කරන්න වෙනවා..

ඔන්න කෙල්ලෙ Mary ව ආයෙ හම්බ වෙලා උඹට.. සෙල්ලම් නෑ තමයි .. ඉන්දියානු මාධ්‍ය වල Mary ගැන දැන්ම ඉදන්ම උත්ප්‍රාසයෙන් කතා කරන්න පටන් අරගෙන.. මේරි කියන්නෙ ඔලිම්පික් ලෝකඩ පදක්කමක් ගත්තු කෙනෙක්.. ඒත් අපේ කෙල්ල කකුල ආබාධ වෙලත් මේරිට අභියෝගයක් වුනා හම්බවුන අන්තිම වතාවෙදිත්.

අප්‍රේල් 11 දිනය මතක තියාගන්න.. මුලු ලංකාවේම ක්‍රීඩා හිතැති හැමෝම අනූශට ශක්තියක් වෙන්න…ඇයට සුභ පතන්න..ඇයව ධෛර්යයමත් කරන්න… මේ ලංකාවේ ගැහැණියකගෙ යකඩ කතාව ලෝකයට අරගෙන යන්න පුලුවන් වටිනාම අවස්ථාව.. අනූශා සරසවියෙ පොත් ටික අයින් කරලා අතට බොක්සින් ග්ලව්ස් දෙකක් දාගෙන ඩයන් ගෝමස් සර්ගෙ කීම අහලා වේදිකාවට නැග්ගෙ මේ අවස්ථාව වෙනුවෙන්..

අප්‍රේල් 11 වෙනිදට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර Oxenford Studios වලට ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකීකයො පුලුවන් නම් යන්න..

ඩයන් ගෝමස් කියන මනුස්සයා මෙච්චර කාලයක් දරුවෙක්ව උස් මහත් කරනවා වගෙ කැපවීමෙන් ගොඩ නගපු ලංකාවේ බොක්සින් ක්‍රීඩාවේ උච්චතම ස්ථානයට Anusha Kodithuwakku ට යන්නට ලැබෙන්න කියලා ශ්‍රී ලාංකීකයන් විදියට අපි සියල්ලෝම හදවතින්ම ප්‍රාර්ථනා කරමු..

උපුටාගැනීම – අනව තප්ත විල

Image may contain: 2 people, people smiling

Image may contain: 2 people, text

About lanka

Check Also

වෙරලියද්දගේ සින්දු බෙදාගන්න බැරිව ප්‍රසංග වලට ආපුවම ගහගන්නවා කියලා කතා හැදුවට චාමර තම හොඳම මිතුරා දමිත් වෙනුවෙන් සටහනක් තබයි

උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!