Breaking News
Home / ක්‍රිඩා / කොදෙව් සංචාරය අදින් ඇරබෙයි. මහේල කණ්ඩායමට එක්වේ ඇන්ජලෝ ආබාදයෙන් පසු නැවත ක්‍රිඩා පිටියට

කොදෙව් සංචාරය අදින් ඇරබෙයි. මහේල කණ්ඩායමට එක්වේ ඇන්ජලෝ ආබාදයෙන් පසු නැවත ක්‍රිඩා පිටියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි අතර තුන්දින ක්‍රිකට් තරගය අද ට්‍රිනිඩ්ද්‍රාඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.30ට පමණ ආරම්භ වීමට නියමිත අතර, තරඟාවලියේ ක්‍රීඩක දක්ෂතා පිරිස්සීමට ඇති එකම පුහුණු තරඟය වන මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් තරඟයක් බවට පත්වී ඇත.

තරඟාවලියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජුනි 6 වැනිදා සිට 10 වැනිදා දක්වාද, දෙවැනි තරගය ජුනි 14 වැනිදා සිට 18 වැනිදා දක්වාද, තෙවැනි හා අවසන් තරගය දිවා-රාත්‍රි තරගයක් ලෙස ජුනි 23දා සිට 27 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිත අතර තම පියාගේ අභාවය හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා වෙනුවට වෙනත් ක්‍රීඩකයකු කණ්ඩායමට එකතු කරනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නැතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි පවසා ඇත්තේ මේ වන විටත් ක්‍රීඩකයන් 16 දෙනෙකුම කොදෙව් බලා පිටත්වී ඇති තත්වයක් තුලය.

අද තරඟය සඳහා කොදෙව් සභාපත් වරයාගේ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරන කිරාන් පවෙල් වන අතර ඔහුට අමතරව කොදෙව් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කණ්ඩායමට ඇතුලත් කර ඇත.

කොදෙව් සභාපති වරයාගේ සංචිතය.
කිරාන් පවල් (නායක), සුනිල් අම්බ්‍රිස් ,ජර්මියන් බ්ලැක්වුඩ්,ෂාමාර් බෲක්ස්,ජෝන් කැම්බෙල්,රාඛීම් කෝන්වෝල්,මිගෙල් කුම්මීස්,ජෑම්මා හැමිල්ටන්,චන්ද්‍රපෝල් හෙම්රාජ්,කියොන් ජෝශප් රේමන් මහරීර්,විෂුවල් සිං,ජොමෙල් වොරිකන්

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජිලෝ මැතිව්ස්, අකිල ධනංජය,,නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, ළහිරු ගමගේ, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, කසුන් රාජිත, රොෂේන් සිල්වා, මහේල උඩවත්ත, ජෙෆ්රි වැන්ඩර්සේ

About lanka

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!