Breaking News
Home / ක්‍රිඩා / කොදෙව් ශ්‍රී ලංකා පුහුණු තරගය ලංකාවට වැඩි ගෞරව ලබා දෙමින් අවසන් වෙයි. ලොකු පොඩි කුසල්ලා හා චන්දි ලකුණු අතරට

කොදෙව් ශ්‍රී ලංකා පුහුණු තරගය ලංකාවට වැඩි ගෞරව ලබා දෙමින් අවසන් වෙයි. ලොකු පොඩි කුසල්ලා හා චන්දි ලකුණු අතරට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් ක්‍රිකට් සභාපති වරයාගේ කණ්ඩායම අතර පැවති පුහුණු තරඟය ජය පරාජයෙන් තොරව ඊයේ නිමාවූ අතර තරඟය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 135ක් ලබාගන්නට සමත් වී තිබිණි.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිම සඳහා ලකුණු 428ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 168ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 74ක් සහ කුසල් පෙරේරා ලකුණු 65ක් ලබාගෙන කොදෙව් සංචාරයට හොඳ ආරම්භයක් ගන්නට සමත් විය.පන්දු යැවීමේදී වොරිකනන් කඩුලු 4ක් සහ කොරන්වල් කඩුලු තුනක් දවා ගන්නට සමත් විය.

කොදෙව් සභාපති වරයාගේ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 227 කට සීමා වූ අතර ආරම්භක පිතිකරුවන් වූ කැම්බල් සහ පවෙල් පිළිවලින් ලකුණු 62 සහ 60ක් ලබාගත් අතර කොරන්වල් නොදැවී ලකුණු 54ක් ලබා ගන්නට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අකිල,දිල්රුවන් සහ ලහිරු කුමාර කඩුලු තුන බැගින් දවා ගන්නට සමත් විය.

දෙවන ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගනිමින් තරඟය නිමාකළේ 135/0 ලෙස සටහන් වද්දී වන අතර කුසල් පෙරේරා ,රොෂේන් සිල්වාට අවස්තාව ලබා දෙමින් පිටියෙන් ඉවත් වන විට ලකුණු 50ක් ලබාගෙන තිබු අතර නොදැවී පිටියේ සිටි රොෂේන් සිල්වා ලකුණු 22ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් ද ලබා ගන්නට සමත් විය.

About lanka

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!