Breaking News
Home / ක්‍රිඩා / කොදෙව්වන් වාර්තාවක් තබයි. රකිම් කොන්වොල්ගේ බර කිලෝ 140 යි

කොදෙව්වන් වාර්තාවක් තබයි. රකිම් කොන්වොල්ගේ බර කිලෝ 140 යි

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරඟය 30 ඇරඹුනා. දෙවන දිනය නිමාවන විට බටහිර ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 87 ක් ලබා තම මව්බිමේ අසරණ වී සිටිනවා. මෙහිදී තම පළමු තරඟයට වරම් ලැබූ එක් කොදෙවු ක්‍රීඩකයෙක් නිසා අපූරු ටෙස්ට් වාර්තාවක්ද බිහි කරන්නට කොදෙවු කණ්ඩායම සමත් වුණා.

මේ ක්‍රීඩකයා වන්නේ 26 හැවිරිදි තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩක රකීම් කෝන්වෝල්. රකීම් කෝන්වෝල්ගේ බර කිලෝග්‍රෑම් 143ක් වනවා. මීට පෙර එම වාර්තාව උසුලා ඇත්තේ කිලෝ 139න් බරින් යුතු වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක වෝර්වික් ආර්ම්ස්ට්‍රෝංග්.

තම පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ රකීම් කෝන්වෝල් පළමු දිනයේ තමන්ගේ පළමු ටෙස්ට් කඩුල්ල හැටියට ඉන්දීය ක්‍රීඩක චටේෂ්වර් පුජාරාව දවාගන්නටත් සමත් වුණා. ඒ වගේම ඉන්දීය පළමු ඉනිමේ පන්දුවාර 41 යවා ලකුණු 105 ට කඩුලු 3 ක් දවා ගැනීමට ඔහු සමත්වුනා.

රකිම් පළමු පෙළ තරග වල කදුලු 260 ක් මෙන්ම පිත්තෙන් ශතකයක් හා අර්ධ ශතක 13 ක් ලබා ගෙන තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියල්ල දැවී ලකුණු 416 යි. එහිදී අයිපීඑල් තරගවලින් සොයාගත් 25 හැවිරිදි හනුමන් විහාරි තම මංගල ශාතකය ලබා ගත් අතර ඔහු ලකුණු 111 යි. නායක කෝලි 76 යි. කොදෙව් කණ්ඩායමේ ඉනිම සුනුවිසුනු කලේ බුම්බ්‍රා. ඔහු ලකුණු 16 ට කඩුලු 6 ක් මේ වන විට බිද දමා තිබෙනවා.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!