Breaking News
Home / දේශීය පුවත් / කොටි දේශපාලන අංශ නායිකාව මහරගම පිලිකා රෝහලේ සිට අවසානෙදි ආයෙත් කොටි එපා කිව්වත් විජේකලාට කොටි හොඳවුන තිත්ත කථාව

කොටි දේශපාලන අංශ නායිකාව මහරගම පිලිකා රෝහලේ සිට අවසානෙදි ආයෙත් කොටි එපා කිව්වත් විජේකලාට කොටි හොඳවුන තිත්ත කථාව

තමිලිනි හා විජයකලා
එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනී තමාගේ ජීවිතයේ අවසාන දින කිහිපය මහරගම පිළිකා රෝහලේ ගත කරමින් සිටින විට පැවසුවේ භයංකර ඉතිහාසයක් නිර්මානය කල කොටි සංවිධානය යලි මේ රටේ ස්ථාපිත නොකළ යුතු බවයි.

කොටි සංවිධානයේ අභ්‍යන්තරය තුල කියාත්මක වූ සියල්ලම දන්නා කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු වූ ඇය, තමාගේ ස්වයං පාපොච්චාරනය අලලා ලියන ලද තියුණු “අසිපතක සෙවන යට ” කෘතියෙන් සමස්ත රට වැසීයාම නව මානයකට රැගෙන යාමට සමත් විය.

අතීතයේදී මෙන් මේ රටේ රුධිර ගංගාවක් ගලායාමේ බිහිසුණු ,අමිහිරි, වේදනාකාරී තත්වයක් තව දුරටත් ඇති නොවේවා යන උත්තුංග පරමාර්ථය පෙරදැරි කරගනිමින් තමිලිනී තම මරණ මංචකයේ සිට ආයාචනා කලේද යලි එවැන්නක් මේ රටට අවැසි නැති බවය.

තම සංවිධානයේ බිඳ වැටීම, බලලෝභිත්වය , දමිල ජනයා මත දියත් කල දී පීඩනය , යහපත් දේ මෙන්ම නොකළ යුතු දේත් ඇය තුලනාත්මකව බැලුවේය. කොටි සංවිධානයේ කටුක යතාර්ථය අප ඇත්ත ඇති සැටියෙන් දුටුවේද තමිලිනි වැනි දේශපාලන විභවයක් ඇති උතුරේ කාන්තවකිනි. ඒ තමිලිනිය.

වසර ගණනාවක් පුර්ණ කාලීන එල්ටීටීඊ කාඩර්වරියක් වෙමින් , කොටි සංවිධානයේ ඉහලම නායකත්වය සමග සමීප සබැඳියාවක් තිබු තමිලිනි යලි කොටි සංවිධානය මේ රටේ යලි කිසි කලෙක හිස එසවීම දැකීමට අකමැති වෙද්දී , විජයකලාට එවැන්නක් අවශ්‍ය වුයේ මන්ද යන්න විමසා බැලිය යුතුය.

විජයකලා යනු කවුද ? පළමුවෙන් ඒ ගැන සැකවින් විමසා බලමු. එමගින් විජයකලා ට යලි කොටි අවශ්ය් වුයේ මන්ද යන්න වැටහෙනු ඇත.

උතුරේ යුද්ධයෙන් ඇත්ත වශයෙන්ම බැට කෑවේ දකුණේ මෙන්ම උතුරේද පීඩිත ජනයා බව පුන පුනා පැවසීමට තරම් නොවේ. රුවන්ඩා පන්නයේ ලේ ගංගා දෙපාර්ශවයෙන්ම ගලා ගිය එම තිරශ්චීන යුද්ධයෙන් බඩ වඩා ගත්තේ උතුරේ මෙන්ම දකුණේ සිටි අවස්ථාවාදී දේශපාලුවන්, ව්‍යාපාරිකයින් , කොටි නායකයින් , හා ආරක්ෂක හමුදාවන්හි ඉහලම නිලධාරීන් බව රහසක් නොවේ.

මේ රටේ යුද්ධය යනු අලෙවි කල භාණ්ඩයකි. එය කලින් කලට මේ රටේ දේශපාලන ඉල්ලීම් වලට අනුව කිසිදු ලැජ්ජාවකින් තොරව අලෙවි කළේය. විජයකාලගේ ස්වාමි පුරුෂයා මේ රටේ පුරවැසියන් ප්‍රථමයෙන් හඳුනා ගන්නේද එවන් යුධමය වාතාවරණයකදීය. යුද්ධය අතරතුර දකුණට වඩා දැඩි පීඩාවකට ලක්වුයේ උතුරු නැගෙනහිර ජනයාය. සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල දකුණේ මෙන් තුන් හතර ගුනයක් ඉහල දමා උතුරේ අලෙවි කරන්නට විය.

උතුරේ එක් පවුලක සාමාජිකයෙකු හෝ යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ උතුරු ඇමෙරිකාවේ ජීවත්වන නිසා , විකුණන කුමන හෝ මිලකට කුස පුරවාගන්නා ආහාර මල්ලක් ගැනීමට ඔවුන්ට මිල මුදල් තම පවුලේ සාමාජිකයින් එවන ලදී.

එවන් වට පිටාවක බොරදියේ මාළු බෑ උතුරේ ව්‍යාපාරිකයින් අතර විජය කලාගේ ස්වාමියා වූ මහේෂ්වරන්ද “ලොකු වැඩකොටසක් ” කල අයෙකි.

එක් පසෙකින් තමා නියෝජනය කල එක්සත් ජාතික පක්ෂ දේශපාලනයත් , අනෙක් පසින් උතුරේ ක්‍රියාත්මක වූ කොටි සංවිධානයත් තමාගේ ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය තෝතැන්න සකසා දී තිබුණි.

එජාප කොටි සාම ගිවිසුම සමයේ මහේෂ්වරන් උතුරේ ව්‍යාපාරික කටයුතු වලට අත ගැසිය . අද උතුරේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන විජයකලාගේ සැමියා මෙම ව්‍යාපාර හරහා අධික ලාබයක් ලැබීය.

උතුරේ ජනයා නොමරා මරණ පොල් පොට් පන්නයේ පාලනයක් ප්‍රභාකරන් විසින් ගෙන යද්දී , දමිල ජනයාගේ සැබෑ අයිතීන් වෙනුවෙන් මහේශ්වරන්ලා විජයකලාලා එදා පෙනී සිටියේ නැත. කොළඹ සිට නැව් මගින් උතුරට ගෙනන භාණ්ඩ තොග අධික මිලකට විකුණා ලාභ ලැබීම හැර ඔවුන්ට වෙනත් අපේක්ෂාවන් නොතිබුණි.

යාපනයට පැමිණෙන භාණ්ඩ කොටි සංවිධානය හරහා අනෙකුත් මුදා නොගත් පළාත්වලට විකුණන ලදී. මෙම ව්‍යාපාර කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එවකට පැවති රාජපක්ෂ පාලනයෙන් අවශ්‍ය සහයෝගය මහේෂ්වරන්ලාට ලැබුණු අතර එල්ටීටීඊ සංවිධානයට අධික කප්පම් මුදලක් ලබාදීම හේතුවෙන් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ද ලැබිණි. . ඒ වෙනුවෙන් මහේෂ්වරන් කොටි සංවිධානයට ලක්ෂ ගණනින් කප්පම් ලබා දී තිබුණි.

කෙසේ වුවද , කොටි සංවිධානය හා මහේෂ්වරන් අතර තිබු ගනු දෙණුවල ඇති වූ මතභේදයක් උඩ කොළඹ කෝවිලක් තුලදී කොටි සංවිධානය විසින් ඔහු මරා දැමුණි. ඉන් පසුව එජාපයේ මන්ත්‍රී ධුරයක් විජයකලාට හිමි වුයේ එජාපයට තම සැමියා විසින් ලබා දුන් කෝටි ගණනක ආධාර වලට ප්‍රති උපකාරයක් ලෙසය.

හේෂ්වරන් ගේ අභාවයත් සමගම අධික ලාභ ලැබූ කලු කඩ ව්‍යාපාර සහමුලින්ම බිඳවැතුනී. යුද්ධයෙන් මඩිය තරකරගත් බොහෝ පිරිසක් මෙන් , විජයකලාට ද යුද්ධ යලි ඕනෑ වී තිබේ.

විජයකලා මහේෂ්වරන්ලාට යුද්ධය අවසන්වීම බරපතල ගැටලුවකි. උතුරේ ජනයා ගැන මහා ජාති වාත්සල්‍යකින් කතා කරන මෙම කාන්තාව, උතුර මෙන්ම දකුණද කම්පා කල විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට ආරක්ෂාව ලබා දී තිබුණි.

රනිල් වික්‍රමසිංහ ගේ පුර්ණ මැදිහත් වීමෙන් එම නඩුවෙන් ඇයට ගැලවීමට ඉඩ ලැබුණි. උතුරේ ජනයා පෙලා දමමින් , ඔවුන් අන්ත අසරණව සිටි සමයේදී මහා ජාවාරම් වල නියැලෙමින් උතුරම සුද්ධ කල මොවුන්ට , උතුරේ ජනයා ගැන කතා කිරීමට ශුද්ධ වූ අයිතියක් නැත.

උපුටා දැක්වීම

About lanka

Check Also

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!