Breaking News
Home / දේශීය පුවත් / කොච්චර කථා කලත් ප්‍රශ්න එතනමයි. ලංකාවේ පලමුපෙළ තරග දුර්වලයි – වාස්

කොච්චර කථා කලත් ප්‍රශ්න එතනමයි. ලංකාවේ පලමුපෙළ තරග දුර්වලයි – වාස්

අපේ රටේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන ආකාරය ගැන කොහොමටවත් සෑහීමකට පත්වෙන්න බෑ. අපේ රටේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව වේග පන්දු යවන්නන්ටත් හොඳ තරගාවලියක් කරන්න ඕනෑ. ඒත් කොච්චර කතා කළත් ප්‍රශ්නය තවමත් එතැනමයි.” යයි ශ්‍රී ලංකා – ඉන්දීය තුන්වැනි ටෙස්ට් තරගයෙන් පසුව චමින්ද වාස් පැවසීය.

“අපේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට ගෙන යන්න ඕනෑ නම්, තව තවත් වේග පන්දු යවන්නන් හදාගන්න ඕනෑ නම් අපේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනෑ. (දේශීය ක්‍රිකට් තරගාවලියේදී) වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු හැදෙන්න ඕනෑ. එහෙම කළොත් අපේ වේග පන්දු යවන්නන් අදට වඩා හොඳ තත්ත්වයක සිටින බව මට කියන්න පුළුවන්” යයිද පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී චමින්ද වාස් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් වරින් වර කැඳවනු ලබන චමින්ද වාස් අවස්ථා කිහිපයකදීම එම තනතුරෙන් ඉවතට වීසි විය. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තනතුර හැර ගිය චමින්ද වාස් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වූයේ 19 න් පහළ පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙනි.

About article14

Check Also

කබීර් හා හැලීම් හොර පාරේ ගොස් සිරිසේනගෙන් ඇමතිකම් ගත් සිද්දිය ගැන එජාපය කලබල වෙයි.

එක්සත් ජාතික පක්ෂ මුස්ලිම් ඇමතිවරුන් වන කබීර් හෂිම් හා අබ්දුල් හලීම් යන මහත්වරුන් යළි දිවිරුම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!