Breaking News
Home / Video / කොච්චර අල්ලලා ගිහින් දැම්මත් නැවත නැවත උපන්බිමටම එන තනි දළයා සද්දන්තයාගේ සංවේදි කථාව

කොච්චර අල්ලලා ගිහින් දැම්මත් නැවත නැවත උපන්බිමටම එන තනි දළයා සද්දන්තයාගේ සංවේදි කථාව

තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල හිත් වේදනාවක් ඇති වීම වැළැක්විය නොහැක.

මහ වනයෙන් පිටතට පැමිණ මිනිස් ජනාවාසවල හැසිරෙමින් මිනිසුන්ට සේම තම වර්ගයාටද චණ්ඩිකම් පෑ සද්දන්තයෙකු මුල් කොට ගල්ගමුව ප්‍රදේශවාසී ජනතාවගේ නෙත් වලට උණු කඳුළක් එක් කළ අනුවේදනීය කතා පුවතකි මේ.

මිනිස් ජීවිතයකට කිසිදු හානි සිදු නොකළත් මිනිස් දේපල වලට සහ ඔවුන්ගේ බව භෝග වලට හානි පමුණුවමින් හා වෙනත් අලි ඇතුන් සමඟ නිතර ගැටුම් ඇතිකරගනිමින් ගල්ගමුව වනජීවී කලාපයේ සැරිසැරූ ගල්ගමුවේ තනි දළයා නම් ඇතා වනජීවී නිලධාරීන් කළ මෙහෙයුමකින් අනතුරුව පෙරේදා (16) ගල්ගමුව පහළදිගන බමුණුගම ප්‍රදේශයේදී අල්ලා ගැනුණි.

තනි දළයා සමග නිතර සටන් වැදුණු අනෙක් අලින්ගෙන් මේ ඇතා ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවී නිලධාරීන්ට අපමණ වෙහෙසක් දැරීමට සිදුවිය.

මීට පෙර අවස්ථා ගණනාවකදී වෙනත් අලි ඇතුන් සමඟ සටන් වැදුණු තනි දළයාට තම එක් දළයක් අහිමිව ඇත්තේද එවන් සටනක ප්‍රතිපළක් ලෙසය. මේ තත්වය යටතේ තව දුරටත් මේ තනි දළයාට ආරක්ෂාව දිය නොහැකි බැවින් ඔහු හොරොව්පතාන ඇත්අතුරු සෙවණ නම් අලි සිපිරිගෙයට යැවීමට ඊයේ කටයුතු යොදා තිබිණ.

පශූ වෛද්‍ය චන්දන ජයසිංහ සහ පශූ වෛද්‍ය ඉසුරු මහත්වරුන්ගේ විමර්ශනවලින් අනතුරුව තනි දළයා  17  දින හොරොව්පතාන ඇත්තුරු සෙවණ වෙත රැගෙන යාමට කටයුතු සලස්වා තිබුණු අතර මේ බව සැලවූ ගල්ගමුව ප්‍රදේශවාසීහු බෙහෙවින් කම්පාවට පත්වූහ.
මෙම තනි දළයා අල්ලාගත් ආරංචියට පැවැති වර්ෂාව ද නොතකා විශාල පිරිසක් ඇතා හට සමුදීම පැමිණියේ පැමිණියේ ඇතාගේ කුසගින්න වෙනුවෙන් බඩඉරිඟු කරල් ද අතැතිවය.

තමන්ට අත්වන සිපිරිගෙයි ජීවිතය ගැන කිසිදු තැකීමක් නොමැති තනි දළයා වනජීවි නිලධාරීන්ගේ අත්අඩංගුව යටතේ ලොරි රථයක නැගී හොරොව්පතාන ඇත්අතුරු බලා පිටත් වනු දුටු බොහෝ ගැමියන්ගේ දෙනෙත් වල කඳුළු පිරී තිබෙනු අපට පැහැදිලිව දැක ගත හැකි විය.

අල්ලපු “ගල්ගමුවේ ඒකදන්ත” කලින් දෙපාරක් කලින් ඇල්ලුවා.
සෝමාවතියට ගිහිං දැම්මා නැවත කිලෝමීටර 243 ක් ගෙවාගෙන ගල්ගමුවට ආවා.
ඊට පස්සේ හොරොව්පතානට ගිහිං දැම්මා ගාල කඩාගෙන නැවත කිලෝමීටර 112 ක් ගෙවාගෙන ගල්ගමුවට ආවා..
දැං ආයෙමත් හොරොව්පතානට ගිහිං දැම්මා.
කල්පනා කරන්න පුළුවන් ඕනෙම කෙනෙකුට තේරෙනවා මේ ඇතාගේ නිත්‍ය වාසස්ථානය ගල්ගමුව බව. එතකොට මේ ඇතා සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන ගැටලුව විසඳන්න ඕනෙ ගල්ගමුව කේන්ද්‍ර කරගෙන නෙමෙයිද..?

තාවකාලික විසඳුම් වලින් ප්‍රශ්නය දැන් වැඩිවෙලා. දවස් දෙකකට එකා ගාණෙ අලි මැරෙනව. බෝට්ටුවෙන් අලි රට ගෙනියන සිඟිති කතා කියනවා මිස විසඳුම් නෑ. සෆාරි අලි ගැන හොයන්න කමිටු දැම්මා දාපු කමිටු ලොවෙත් නෑ.. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දුන්න අලි කිහිපදෙනක් අවාසනාවන්ත ලෙස මියගියා පරීක්ෂණ නෑ. මේ වෙනකොට පෙරහැරට දීපු පින්නවල අලි එක එකාගෙ සෆාරි වල දුක් විඳිනවා .උන් ගැන හොයන්න ක්‍රමවේදයක් නෑ. මායිම් ගම්මාන වල ඉන්න අලි ටික අල්ල අල්ල රට වටේම ගෙනියනවා. එච්චරයි අන්තිමේ දි සිද්ධ වෙලා තියෙන්නේ .

 

About article14_2

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!