Breaking News
Home / Video / කෙහෙළිය දින සියේ ආණ්ඩුවේ ඇමතිකමක් ඉල්ලලා රනිල්ට වැන්දා. රනිල් එයා එලෙව්වා මහින්දානන්ද මහින්ද සුලගේදී හැංගුනා. රත්වත්තේ මිනිමරුවෙක් – වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර

කෙහෙළිය දින සියේ ආණ්ඩුවේ ඇමතිකමක් ඉල්ලලා රනිල්ට වැන්දා. රනිල් එයා එලෙව්වා මහින්දානන්ද මහින්ද සුලගේදී හැංගුනා. රත්වත්තේ මිනිමරුවෙක් – වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර

15වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවක් අතරතුර රෙද්ද හරියට අදින්න බැරි නරපනුවා වැනි වචන යොදමින් ලොහාන් ,මහින්දානන්ද හා කෙහෙළිය විසින් ඉතා දරුණු ලෙස කුමාර වෙල්ගම මහතාව විවේචනය කළා.

ඊට පිළිතුරු වශයෙන් වෙල්ගම ,මහතා ඔවුන් සියලු දෙනාගේ රෙදි ගැලවූ අතර එහිදී ඔහු පවසා සිටියේ මහින්දානන්දගේ කොන්ද පන නැති බවත් ,ලොහාන් යනු මිනීමරුවෙකු බවත් , කෙහෙළිය රඹුක්වැල්ල පසු ගිය මහමැතිවරණයේදී එජාපයෙන් ඇමතිකමක් ඉල්ලමින් රනිල් වික්‍රමසිංහ ඉදිරියේ වැඳ වැටුණු බවයි. එහිදී රනිල් ඔහුට බැන එලවූ බවත් ඔහු පවසා සිටියා .

මහින්ද මහතා තමන්ට ඔවුන්සමග සාමදාන වන ලෙස ඉල්ලුවත් මහින්දානන්දලගේ ප්‍රහාරයට පිළිතුරු දී පසුව සලකා බලන්නම් යයි වෙල්ගම පැවසු බව පවසනවා. එම වීඩියෝව පහලින්

මේ මහින්ද ඉදිරියේම රෙද්ද නැති යකා නරපනුවා කියමින් වෙල්ගමගේ රෙදි ගැලවූ ගැටමුට මුල්වූ පළමු සිද්දියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ දේශපාලන ජීවිතය අවසන් කර ඔහුව කරළියෙන් ඉවත්කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින ගෝඨාභය පාර්ශවය තීන්දුවක් ගෙන ඇති බව වෙබ් අඩවියක් වාර්තා කරනවා.

එහි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මහනුවර පැවති පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුවේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉලක්ක කර දැඩි විවේචනයක්ද එල්ල කර ඇත්තේ එම තීන්දුව මත බවයි පැවසෙන්නේ.

මේ අතර “ගෝඨා” පාර්ශවයේ මේ වෙල්ගම විරෝධය සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාටද පූර්ව දැනුම්දීමක් සිදුකර ඇති බවය. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා “සිනාසෙමින්, තමුසෙලාට වෙල්ගම ගහයි, බලාගෙන” කියා තිබෙන බවද දැනගන්නට ඇති බව ආරංචි මාර්ග සදහන් කලා.

මේ අතර වෙල්ගම මන්ත්‍රීවරයා මෙන්ම ඉදිරියේදී වාසුදේව නානායක්කාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයන් කිහිපදෙනෙකු සම්බන්ධවද “ගෝඨා” පාර්ශවය බරපතල දේශපාලන ප්‍රහාරයක් දියත් කරන්න නියමිත බව දැනගන්නට ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂ ඒකාධිපතියකු බවත් ඒ වෙනුවට චමල් රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා කළ යුතු බවට දිගින් දිගටම සඳහන් කරමින් සිටින නිසාය

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!