Breaking News
Home / Video / කෙවින් ඔබ්‍රයින් අයර්ලන්ත ටෙස්ට් ඉතිහාසයේ අමරණිය වෙයි. පකිස්ථානයට ප්‍රභල අභියෝගයක්. වාර්තා අලුත්වෙයි. ටෙස්ට් වරම් ලැබුනේ කණ්ඩායමේ 10 ට පමණයි

කෙවින් ඔබ්‍රයින් අයර්ලන්ත ටෙස්ට් ඉතිහාසයේ අමරණිය වෙයි. පකිස්ථානයට ප්‍රභල අභියෝගයක්. වාර්තා අලුත්වෙයි. ටෙස්ට් වරම් ලැබුනේ කණ්ඩායමේ 10 ට පමණයි

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පවුලට එකතු වූ අලුත්ම සාමාජිකයා වන අයර්ලන්තය තම පළමු ටෙස්ට් තරඟයේදීම පාකිස්ථානයට එරෙහිව සැලකිය යුතු දක්ෂතා පෙන්නමින් සිටින අතර තරඟයේ කාසිය වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබාදුන් අතර පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු  310/9 ක් ලබාගත් අතර පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ෆහීම් අෆ්රාෆ් පත් වුනේ ලකුණු 83ක් ලබා ගනිමිනි.පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් මුටාක් කඩුලු 4ක් සහ තොම්සන් කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පැමිණි අයර්ලන්තය ලකුණු 130 කට සීමා කරන්නට පාකිස්තානය සමත් වූ අතර මංගල අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ කෙවින් ඕබ්‍රයන් වූ අතර ඔහු ලකුණු 40 ක් ලබා ගන්නට සමත් විය.

පන්දු යැවීමේදී මොහොමඩ් අබ්බාස් කඩුලු 4ක් සහ සහාබ් ඛාන් කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

අයර්ලන්තය තවමත් ටෙස්ට් තත්වයට පැමිණ නැතිදෝ යන ප්‍රශ්නය සමඟ පිට පිට දෙවන වරටත් පන්දුවට පහර දෙන්නට සිදු වූ අයර්ලන්ත කණ්ඩායම දෙවන ඉනිම ලෝක වාර්තා පොත අලුත් කරන ඉනිමක් කරා ගෙන යමින් තිබෙන්නේ ඉනිමක පරාජය කරා යමින් තිබු කණ්ඩායමක් පළමු තරඟයේ ලබන පළමු ටෙස්ට් ජයග්‍රහණයේ අපේක්ෂාද ඇති කරමිනි.

සිව් වන දිනය නිමා වන විට අයර්ලන්තය තම දෙවන ඉනිම සඳහා ලකුණු 319/7 ක් ලබාගෙන තිබෙන්නේ පාකිස්ථාන කණ්ඩායමට වඩා ලකුණු 139 ක් කඩුලු තුනක් අතැතිව ඉදිරියෙන් සිටිමිනි.මෙම ලකුණු සීමාව ලකුණු 200 දක්වා ගෙන යන්නට හැකි වුවහොත් පාකිස්ථාන පිතිකරුවන්ට හොඳ තර්ජනයක් එල්ල කරන්නට අයර්ලන්තයට හැකියාවක් ලැබෙනු ඇත.

Image result for ireland cricket 1 st test

අයර්ලන්ත දෙවන ඉනිම තුලදී ශතකයක් ලබාගනිමින් තම රට මුහුණ දෙන පළමු තරඟයේ ශතකයක් ලබාගත් ලෝකයේ හතර වන පිතිකරු ලෙස වාර්තා පොතට එකතු වුන අතර මීට පෙර මෙවැනි දක්ෂතාවයක් පෙන්වා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ චාල්ස් බෙනමන්,සිම්බාබ්වේ කණ්ඩායමේ ඩේවිඩ් හවුටන්,බංගලාදේශයේ අමිනුල් ස්ලාම් පමණය.

Image result for ireland cricket 1 st test

කෙවින් ඕබ්‍රයන් මෙම ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේද වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ඒ අනුව ඔහුගේ තරඟයේ ලබාගත් ලකුණු එකතුව ලකුණු 158 ක් වන අතර පළමු ටෙස්ට් තරඟයේදී තම රට වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවා වන්නට කෙවින් තවත් පිටුපසින් සිටින්නේ ලකුණු 12ක් පමණක් වන අතර චාල්ස් බෙනමන් ලකුණු 169ක් ලබාගෙන මෙම වාර්තාවේ ඉහලින්ම සිටින පිතිකරුවාය.

මෙම තරඟයේ දෙවන ඉනිමේ අයර්ලන්තය මේ වන විට පන්දුවාර 122 කට මුහුණ දී තිබෙන අතර එය පළමු ටෙස්ට් තරඟයේදී කණ්ඩායමක් දෙවන ඉනිමේ ක්‍රීඩා කල වැඩිම පන්දුවාර ප්‍රමාණය වන අතර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිවූ ශ්‍රී ලංකාව තම මංගල ටෙස්ට් තරඟයේදී දෙවන ඉනිමේ පන්දුවාර 83.5 කට මුහුණ දී තිබිණි.

එසේම මෙහි තවත් විශේෂත්වයක් තියනවා. ඒ රටක් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන විට එකවර ටෙස්ට් වරම් 11 ට ලැබිය යුතුයි. එහෙත් අයර්ලන්තයට ටෙස්ට් වරම් ලැබුනේ 10 ට පමණයි.

ඒ මෙහි පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කරන 33 හැවිරිදි බොයිඩ් රැන්කින් එංගලන්තයවෙනුවෙන් 2014 දී අලුබදුන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් වරම් ලබා තිබීමයි. ඔහු එකම එක ටෙස්ට් තරගයක් 2014 වසරේ ක්‍රීඩා කල පසු නැවත අයර්ලන්තයට ඔහු පැමිණ තිබෙනවා.

පළමු 20 20 තරගය 2009 දී අයර්ලන්තය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කර පසුවයි එංගලන්තයට ගොස් ඇත්තේ. එහෙත් 2017 දී පළමු එක්දින තරගය ක්‍රීඩා කරන්නේ නැවත අයර්ලන්තය වෙනුවෙන්.

මේ අකාරයෙන් අයර්ලන්තයට ක්‍රීඩා කල ඔයින් මෝගන් එංගලන්තයට පැමිණ අද නායකයා බවට පත්වී තිබෙනවා. බොහෝ අයර්ලන්ත ක්‍රීඩකයින් එංගලන්ත ප්‍රාන්ත ක්‍රීඩා කිරීමට පැමිණීම නිසා එංගලන්ත කණ්ඩායමට අතීතයේ සිට ක්‍රීඩා කරන්නේ අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩාව අතීතයේ එතරම් දියුණු එකක් නොවුණු නිසයි.

එහෙත් මෙම පළමු ටෙස්ට් තරගයෙන් පසු අයර්ලන්තය ප්‍රභල කණ්ඩායමක් වනු නිසැක වන්නේ එංගලන්ත ප්‍රාන්ත ඔවුන් ක්‍රීඩා කරන නිසා. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ශක්තිමත් වන්නේද පකිස්තාන ක්‍රීඩකයන් එහි ක්‍රීඩා කල නිසා මෙන් සමාන සිද්දියකි මේ.

highlights

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!