Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / කූඹියෝ අධ්‍යක්ෂ ලක්මාල් ආපු කාලේ ටයිටස් අයියා තමන්ට සලකපු විඳිය ගැන තැබූ සංවේදී සටහන

කූඹියෝ අධ්‍යක්ෂ ලක්මාල් ආපු කාලේ ටයිටස් අයියා තමන්ට සලකපු විඳිය ගැන තැබූ සංවේදී සටහන

සේනක අයියා මියගියේය ….. මේ අපේ කූඹියෝ ඔස්ටින් අයියාය. සේනක අයියා මා දන්නේ මීට බොහෝ කලකට පෙරය. හැමදාම සේනක අයියා සිටියේ හරි සැහැල්ලුවෙනි. 2005 අපි ටෙලිනාට්‍යකට වැඩකරන විට සේනක අයියා එහි රගපෑවේය. මට දවසක් අත්කපපු ටීෂර්ට් එකක් ගෙනැත් දුන් සේනක අයියා
” ජැක්සන් ඕස්ට්‍රේලියා ඉදලා එද්දි ගෙනාවේ…. මට උඹ මතක් උනා…” කියා මට දුන්නේය. රුපියල් 250 ට දවල් රෑ නැතිව කට්ට කන පොඩි AD (Asst.Director) මල්ලි කෙනෙකුට ඔහු ආදරය දැක්වූයේ එසේය. ඊට වසර දහයකට පසු මම ඩිරෙක්ටර් කෙනෙකු වී සේනක අයියා කූඹියෝහි රංග ශිල්පියෙකු ලෙස අප හමුවන විටත් මා ගැන ඒ තිබූ ආදරය ඔහු ලග එලෙසම තිබිණි. නාට්‍ය නොවිකිණී තිබුණ කාලයේ විටින් විට මට කෝල් කරන සේනක අයියා අර සැහැල්ලු ස්වරයෙන්ම මා අස්වැසුවේය. ඊයේ සේනක අයියා ගියේය. ඔහුගේ මරණය දුක්වීමට කාරණයක් යයි මම නොසිතමි. ඉතා සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වූ සේනක අයියා ලොකු පුතෙක් හදා හොඳට උගන්වා වගකීම් ඉටුකළ තාත්තෙකි. පත්තර කාරයෙකි. විශිෂ්ට රංග ශිල්පියෙකි. නිතර කථා කියමින් සිනහසුණ රසවතෙකි. ඉතිං ඒ සැහැල්ලුවෙන්ම මම සේනක අයියාට සුබ ගමන් පතමි.
“සුබ ගමන් ලොකු අයියේ….”

-ලක්මාල් ධර්මරත්න

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!