Breaking News
Home / ක්‍රිඩා / කුසල් මෙන්ඩිස් හා චන්දිමාල් අද ක්‍රීඩා කලොත් ඒ එක්දින ජීවිතය තීරණය වන අවසන් අවස්ථාව වෙයි

කුසල් මෙන්ඩිස් හා චන්දිමාල් අද ක්‍රීඩා කලොත් ඒ එක්දින ජීවිතය තීරණය වන අවසන් අවස්ථාව වෙයි

23 හැවිරිදි තරුණ ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස් මේ දිනවල ගෙවන්නේ ඉතා අසීරු කාලයක්. ඔහු මේ වර්ෂයේ වැඩියෙන්ම තරග වලට මුහුණ දී ඇති ක්‍රීඩකයයි. ඒ තරග 22 ක්. එහිදි ලකුණු 587 ක් එහි සාමාන්‍ය 27 ලෙසයි දැක්වෙන්නේ.

ටෙස්ට් නායක චන්දිමාල්ද ගෙවන්නේ තවමත් අසීරු එක්දින වාර්ථාවක. ඔහු මේ වසරේ තරග 11 කදී ලබා ඇත්තේ ලකුණු 220යි. එහි සාමාන්‍ය 20 ක්.

ඉතිං මේ දෙදෙනා අද ක්‍රීඩා කලහොත් අවම මොවුන්ට ලකුණු 50 ක් වත් ලබා ගැනීමට සිදුවේවි. කෙසේ වෙතත් මේ දෙදෙනාගේම පන්දුවට පහර දෙන ස්ථානයන් සැරින් සැරේ වෙනස් කිරීමද ඔවුන්ගේ ජීවිතයටම කල හානියක්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පුවත්පත් වාර්ථා සදහන් කරන්නේ මෙය මොවුන් දෙදෙනාටම තීරනාත්මක තරගාවලිය බවයි.

කොහොම වුනත් කණ්ඩායමට පැමිනීමට ඇන්ජලෝ සහ අසේල සිටින්නේ ආබාද සුව වීමත් සමග. තව ධනුෂ්ක ගුණතිලක කුසල් ජනිත් වැනි ක්‍රීඩකයන්ද සිටින්නේ එලියේ. එම නිසා මේ වන විට පිතිකරුවන්ගේ තරගය වැඩි වී තිබෙන බවනම් පැහැදිලි.

Cricklanka.com

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!