Breaking News
Home / ක්‍රිඩා / කුසල් මෙන්ඩිස් තරුණ නිසා කණ්ඩායමට විශ්වාස උපුල්ට වඩා මෙන්ඩිස්ලු. පන්දු රැකීම උසස් නිසා නොගැහුවත් කමක් නෑලු – හතුරුසිංහගේ කොල්ලා ගැන චන්දිමාල්ගෙන් සහතික

කුසල් මෙන්ඩිස් තරුණ නිසා කණ්ඩායමට විශ්වාස උපුල්ට වඩා මෙන්ඩිස්ලු. පන්දු රැකීම උසස් නිසා නොගැහුවත් කමක් නෑලු – හතුරුසිංහගේ කොල්ලා ගැන චන්දිමාල්ගෙන් සහතික

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර ඊයේ (23) පැවති පස්වන එක්දින තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 219ක ජයක් අත්කර ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත්විය.

තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ සියලු ගෞරව කණ්ඩයමේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩළයට හිමිවිය යුතු බවයි.එමෙන්ම ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම පරාජය කිරීම මහත් සතුටක් බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී කලකට පසුව සුපුරුදු රිද්මයට පැමිණි කුසල් මෙන්ඩිස් පිළිබඳවද චන්දිමාල් අදහස් පලකලේය.

එහිදී ඔහු සඳහන් කළේ කුසල් මෙන්ඩිස්ව කණ්ඩායමේ රඳවා ගැනීමට ඔහුගේ පන්දු රැකීම ඉවහල් වූ බවය.එමෙන්ම මෙන්ඩිස් දක්ෂ පිතිකරුවෙකු බවත් ඒ විශ්වාසය මත කණ්ඩයමේ ස්ථානය ඔහුට ලබාදුන් බවත් සඳහන් කළේය.

Image result for hathurusingha and chandimal

මෙහිදී මාධ්‍යෙව්දියෙකු චන්දිමාල්ගෙන් විමසුවේ දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ හිමිවූ ස්ථානය උපුල් තරංගට හිමි නොවන්නේ මන්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් චන්දිමාල් සඳහන් කළේ උපුල් තරංග අත්දැකීම් බහුල වටින ක්‍රීඩකයෙකු නමුදු කණඩායමක් ලෙස කුසල් මෙන්ඩිස්ව මේ මොහොතේ විශ්වාස කළ බවයි.ඔහු තරුණ ක්‍රීඩකයෙකු බවත් අඩුපාඩු නිවරැදි කරගැනීමට කාලය ඇති බව සහ මෙන්ඩිස්ගේ පන්දු රැකීම ඉහළ තැනක තිබෙන බවත් ශ්‍රීලංකා නායකයා සඳහන් කළේය.

චන්දිමාල් කියන ආකාරයට දනුෂ්ක හා ජෙෆ්රි වැන්ඩසේ මේ වන විට සිටින හොඳම පන්දු රකින්නන් දෙදෙනෙක්. එසේම දේශීය තරගාවල පන්දුවෙන් පමණක් නොව පිත්තෙන් ශතක පවා ලබා ගන්න සචිත්‍ර සේනානායකද විශිෂ්ට පන්දු රකින්නෙක්. එසේම ඇග බේරාගන්න තරගයක් දී හේතුවක් නැතිව කපා දැමු ජීවන් මෙන්ඩිස්ද තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතර සිටි .

චන්දිමාල් වෙනත් පුද්ගලයන් ගන්න අදිසි තීරණ සාධාරණිකරණය කරන්න යාමෙන් සිදුවන්නේ ඔහුගේද දක්ෂතා අවුස්සා බැලීමයි. එසේ බලන විට ඔහු නායකයා වුවාට තරංග තරම්වත් 2018 දී ඔහු ලකුණු ලබාගෙන නැ. කෙසේ වෙතත් බොහෝ දුරට තරංගගේ ක්‍රිකට් ජීවිතය මෙසේ අවසන් කිරීමට මාෆියා කල්ලිය කටයුතු කරනු ඇත.

ඊයේ තරගයේ අර්ධ ශතකය වාර්තා කළ මෙන්ඩිස් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු ක්‍රීඩකයන් සිටි ක්‍රීඩාගාරය වෙත හිස නමා ආචාර කරන අයුරුද කාගෙත් අවධනයට ලක්විය. එංගලන්තය සමග මීට පෙර පැවති තරඟ තුනෙන් දෙකකදී මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර මාස 16 කට පසු තරග 23 කට පසු වාර්තා කල පළමු අර්ධ ශතකය මෙයයි.

නමුත් හතුරුසිංහ ප්‍රිය නොකරන ලබරෝයි ප්‍රිය නොකරන ක්‍රීඩකයන්ට මෙවන් අවස්ථා ලැබෙනවාද යන්නම් විශාල ප්‍රශ්නයක්. අද ලංකාවේ සිටින ජෙෂ්ටයන් දෙදෙනා වන මාලිංග සහ තරන්ග ක්‍රීඩා නොකළ අතර කුසල් පෙරේරා අභාදයට ලක්වෙද්දී 15 සංචිතයේ සිටින ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ලොව 10 දෙනා අතර සිටින මේ වන විට දේශීය තරගවල ලකුණු අතර සිටින දිමුත් කරුනාරත්නට එකදු තරගයක්වත් ලබා නොදී මෙසේ අවස්ථා ලබා දී දැන් අර්ධ ශතකයක් ලබා ගත් නිසා තවත් තරග 25 ක් කිසිදු ප්‍රශ්නයක් නැතිව සිටීමට ඉඩ දෙන පුහුණු කරුට මෙන්ඩිස් පිටිය මැද බඩගා වැන්දත් පාඩු නැතියි අපට සිතේ.

සමහරක් විට මේ තරගය නිසා තරංග නැවත ලංකා කණ්ඩායමේ දැකගන්නට නොහැකි වීමට පුළුවන් අතර මොවුන්ට අවශ්‍ය අලුත් කණ්ඩායමක් ලෝක කුසලානයට යවා ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන් ලවා ක්‍රිකට් ගෙන යාමට ඉඩ තිබේ. එසේම ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වෙනාදා දකින ප්‍රේක්ෂකයන් ප්‍රමාණය නැති අතර බොහෝ හිස් ආසන දැකගන්නට තිබේ.

එසේම  ඊයේ තරගය ජයගත් නිසා ලංකාවේ ප්‍රේක්ෂකයන්ටද සියල්ල අමතක වී ප්‍රශ්න අමතක වී ඇති බවද පෙනෙන්ට තිබේ . නැවත ඊලග තරගාවලිය පරාජය වන විට ප්‍රශ්න නැවත මතක් වීමටද ඉඩ ඇති බව මේ සියල්ල පිළිබද බලා සිටින අපට අනුමාන කල හැක.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!