Breaking News
Home / ක්‍රිඩා / කුසල් ඉන්දියාවට මතක් කලේ දශක දෙකකට කලින් ඉන්දීය පන්දු යවන්නන්ගේ ක්‍රීඩා ජීවිතය විනාශ කල සනත් යුගය නැවත ආ බවයි – ඉන්දීය වෙබ් අඩවියක් ලියයි

කුසල් ඉන්දියාවට මතක් කලේ දශක දෙකකට කලින් ඉන්දීය පන්දු යවන්නන්ගේ ක්‍රීඩා ජීවිතය විනාශ කල සනත් යුගය නැවත ආ බවයි – ඉන්දීය වෙබ් අඩවියක් ලියයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර නිදහස් කුසලානයේ තිබුන  පළමු තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය පිටුපස සිටි කුසල් පෙරේරාගේ පිතිහරම්භය පිළිබඳව   දේශීය මාද්‍ය වල ඇගයීම් පළකර තිබෙන ආකාරයෙන්ම විදෙස් මාද්‍යද මෙම ප්‍රහාරය පිළිබඳව ඉතා ඉහල ඇගයීම් ලබාදී තිබෙනු දැකගත හැකි විය.  ඒ අතරින් ඉන්දියාවේ ප්‍රමුඛතම මාද්‍යයක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් කුසල්ගේ ප්‍රහාරය හඳුන්වා දෙන්නේ එම ප්‍රහාරය සනත් ජයසුරිය ඉන්දීය පන්දු යවන්නන් පිළිගන්නා ක්‍රමය බවය.

“මීට දශක 2ක ට කලින් ඉන්දියාවෙන් එන පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාවෙන් ලැබුන ආගන්තුක සත්කාරය එතරම් මිහිරි එකක් නොවන අතර,බොහෝ පන්දු යවන්නන්ට මේ අකාරයේ ආගන්තුක සත්කාර ලබාදෙන්නට වගකියු ශ්‍රී ලංකා පිතිකරුවෙක් සිටි අතර එම වමත් පිතිකරුවා සනත් ජයසුරිය නම් වූ අතර,ඉන්දීය පන්දු යවන්නට පහර දීම ඔහු නතර කර ටික කලක් යන විට නැවත ශ්‍රී ලංකාව එවැනි ආගන්තුක සත්කාර ලබා දෙන්නට පිතිකරුවෙකු සොයාගෙන ඇත.ඔහු කුසල් පෙරේරාය.”

ඉන්දියන් එක්ස්ප්‍රස් තම ලිපිය ආරම්භ කරන්නේ එසේය,ඉන්පසුව ඔවුන් සනත් සහ කුසල්ගේ සමානකම් ගැන කතා කර ඇත.”තම පුර්වාදේශය වූ වමත් පිතිකරුවාට වඩා තරමක් මිටි ක්‍රීඩකයෙකු වුවද සනත් සතු ශක්තිය ඒ ආකාරයෙන්ම පිහිටා ඇති කුසල් සනත්ට සමාන වන්නේ සනත් පන්දු යවන්නට දැඩි ලෙස ප්‍රහාරයන් එල්ල කල ඉසව් සහ එවැනි පන්දු වලටම කුසල්ද ප්‍රහාරයන් එල්ල කරන නිසාවෙනි.”

“සනත් එල්ල කරන අකාරයේ අනුකම්පා විරහිත ප්‍රහාරයකින් තරඟය තම නමට ලියාගත් කුසල් එල්ල කල සෑම පහරකම අපට දක්නට ලැබුනේ මේ ක්‍රීඩකයා තුල සනත් ජීවත් වන බවය.”

කුසල් ඊයේ තකාර් ගේ පන්දු වාරයකට ලකුණු 27ක් ලබාගැනීම ගැනද මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.”ශ්‍රී ලංකා ඉනිමේ තුන්වෙනි පන්දුවාරය යවන්න පන්දුව බාරගත් මුම්බායි වේගපන්දු යවන්නාගේ පළමු පන්දුවට වේගවත් පහරකින් හතරේ පහරක් සමඟ ආරම්භ කල ප්‍රහාරය,ඉන් පසු පිට ඉන්නෙන් ඉවත යැවූ පන්දු තුනම කුසල් යොමු කලේ හතරේ සීමාවට වන අතර,කෙටි පන්දුවට එල්ල කල පුල් පහර සනත් ඉන්දීය පන්දු යවන්නෙකුට එල්ල කරන ප්‍රහාරයක් පුනරූපනයක් වැනිය.පිට ඉන්නෙන් පිටත පන්දු කල පන්දුවක් හතරේ සීමාවට එපිටින් පතිත කරන මේ පිතිකරුවා නිදහස් කුසලානයට තකුර් ගේ පැමිණීමට ආගන්තුක සත්කාර දක්වන්නේ තම ප්‍රවීණ ක්‍රීඩක ජයසුරිය නැවත තරඟය නැරබු ක්‍රීඩා ලෝලීනට මතක් කර දෙමිනි.”

මෙම ලිපියේ වැඩි දුරටත් දක්වා ඇත්තේ එවැනි ආකාරයේ ප්‍රහාරයකින් ප්‍රතිවාදී කණ්ඩායමේම මානසික මට්ටම පහලට වැටී නැවත තරඟයට පිවිසීමට අපහසු වීම නිසා තරඟය පරාජය වූ බවය.අපි මේ වගේ ප්‍රහාරයක් බංගලාදේශය පරාජය කරන්නත් හෙට එල්ල කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු.

About lanka

Check Also

‘මහේල සර් නවක පළපුරුදු කියලා වෙනසක් නැතුව අපට කියලා දෙනවා’ ලංකාවේ එකාට පොඩි වැඩි වුන මහේල ගැන ඉන්දියාවේ ක්‍රීඩකයින් කියන කතා

මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ අදහස් දැක්වීම් පිළිබද වීඩියෝවක් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට ඇතුලත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!