Breaking News
Home / දේශීය පුවත් / කුඹියෝ හදන්න විකුනන්න පාරවල් වල ගේට්ටුවල රෙසිප්ෂන් වල කට්ට කැවා එක එක ආයතනවල උත්සව මං දන්නේ නැ. මේක අයිති ITN එකට – ලකාගේ සටහන

කුඹියෝ හදන්න විකුනන්න පාරවල් වල ගේට්ටුවල රෙසිප්ෂන් වල කට්ට කැවා එක එක ආයතනවල උත්සව මං දන්නේ නැ. මේක අයිති ITN එකට – ලකාගේ සටහන

රෝබින්හුඩ්, ගලිවර්, දොස්තර හොද හිත, ස්පෙල් බ්ලයින්ඩර්, පිස්සු පුසා, රොබින්සන් අන්දරය හා එකී මෙකි නොකී අමතක වූ ටයි මාමගේ යුගයේ නිර්මාණ වල රස වින්දනයන්ට හසුවූ පරපුරට මෑත දශකයක් එක හමාරක් තුල බලන්නට තරම්වූ නිර්මාණාත්මක හා උනන්දු දෙයක් නොතිබූ වියලි ගිය ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයට අද කාලේ හැටියට කෙටි වුවත් (කොටස් 57) නැවත ටයි මාමගේ යුගයේ කුඩා කල ගෙවූ පරපුර තරුණ කාලයේ ටෙලිවිෂනය ඉදිරියේ ඉන්දවන්නට හැකිවුයේ කුඹියන්ට පමණයි.

Image result for kumbiyo

එයට අප ආචාර කල යුත්තේ ලක්මාල් ධර්මරත්නයන් ඇතුළු කණ්ඩායමට වන අතර හොද දේ කිසි දිනක යට යැවිය නොහැක යන කාරණය මෙයින් නැවත ලෝකයේ ස්ථිර වන්නේ ලක්මාල් ධර්මරත්නයන් තබා ඇති සටහනක් අනුවයි. ඒ ඔහු පවසන්නේ මෙය හදන්න පටන් ගන්න විකුනන්න කාපු කාට්ට ගැනයි. “කට්ටක් කාපු එකෙක් වට්ටන්න බැ” යන කාරණය නැවතත් මිහිපිට සනාත වූ සිද්දියක් ලෙසයි මෙය අප දකින්නේ. හොද දේ ප්‍රතිපල මන්දගාමී විය හැකි එහෙත් ප්‍රතිලාබය සදාකාලිකයි.

Image result for lakmal dharmaratne

ලක්මාල් ධර්මරත්නයන් තැබූ සටහන පහතින්.

හිතවතුනි,
මොනම හේතුවකටවත් VPN වලින් ෆේස්බුක් නොයන ස්ථාවරයක සිටියෙමි. එබැවින් බොහොමයක් දේ මා නොදනියි.

අප හැදුවේ ගෙදර සාලයේ සිට මිනිස්සුන්ට බලා ආතල් ගන්නා නාට්ටියකි. පළමු කොටසත් අවසාන කොටසත් මටනම් එකමය. එක්ව බිම වාඩිවී බැලීමේ ආතල් එක මේ වනවිට වෙනස්මානයකට ගොස් ඇත. මේ කිසිම Event එකකට මාගේ සම්බන්දයක් නැත.

ඒවා ඒ ඒ කණ්ඩායම් හා ආයතන විසින් සංවිධානය කරන දේය. මටද ස්තාන දෙකකින් ආරධනා ලැබී තිබිණි. මම ඒ දෙකටම සහබාගි වෙමි.

ස්වාධීන රූපවාහිනිය මෙහි නිළ හිමිකරුය. එබැවින් ඔවුන්ට ඕනෑම ආකාරයෙන් ඒ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කළ හැක. හිතවතුනි, වෙනදා මෙන්ම සාලයේ හෝ ලැප්ටොප් එකේ හෝ මෙය බලන්න. මමද කොහේ සිටියත් හැම තත්පරයකම අවසානය ගැන වෙනදාමෙන්ම ඔබ කියන දේ බැලීමට පුල පුලා බලා සිටිමි.

මෙය පටන් ගැනීමටත්, හැදීමටත්, විකුණාගැනීමටත් පාරවල් ගනේ, සිකුරිටි ගේට්ටු ඉදිරිපිට, reception වල පැය ගනන් දවස්ගනන් චාටර් වූ මටත් දමිතයාටත් මේ අවසන් කොටසට සම්බන්ධයෙන් වන සිදුවීම් දෙස බලා කීමට ඇත්තේ “ඒක වෙනමම වෙනමම වෙනමම ආතල් එකක් ” බවය…..

උපුටා ගැනීම අවසන්

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!