Breaking News
Home / දේශීය පුවත් / කිරිපිටි පරීක්ෂණය නොකර බුද්ධික ‘සැකයි’ බිල්ලා මැව්වේ පොහොට්ටුවේ පාදෙනියගේ සැලස්ම අනුවදැයි ස්වාධින වෛද්‍ය සංගම් අභියෝග කරයි. තවම පරීක්ෂණය කර නැ

කිරිපිටි පරීක්ෂණය නොකර බුද්ධික ‘සැකයි’ බිල්ලා මැව්වේ පොහොට්ටුවේ පාදෙනියගේ සැලස්ම අනුවදැයි ස්වාධින වෛද්‍ය සංගම් අභියෝග කරයි. තවම පරීක්ෂණය කර නැ

ආනයනික කිරිපිටි ගැන කෑ ගසන බොහෝ වෛද්‍යවරු එහි අන්තර්ගතයන් පිළිබඳව සිදුකළ කිසිඳු පරීක්ෂණ වාර්තාවක් ගැන සඳහන් නොකරන බව ස්වාධින වෛද්‍ය වෘත්තිකයින් පවසයි. ආනයනික කිරි පිටි ගැන පරීක්ෂණ කිරීමට සැබෑ ඕනෑකමක් තිබේනම් දේශීයව හෝ විදේශීයව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ හැකි ලොව පිළීගත් පර්යේෂණාගාර බොහෝමයක් පවතින බවද ඔවුන් කියා සිටියි.

එසේ නොමැතිව රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය දේශපාලන හේතු පදනම් කරගනිමින් කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකර සෞඛ්‍ය අමාත්යාංයශයෙන් නිකුත් කළ නිවේදනයක් පමණක් පෙන්වමින් කෑ ගසමින් වෛද්‍ය වෘත්තිය හෑල්ලු කරන බව ස්වාධින වෛද්‍යවරුන්ගේ අදහසවේ.

රජයේ වෛද්ය් නිලධාරින්ගේ සංගමයේ ප්‍රධානීන්ගේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා පිරිමසා ගන්න මෙවැනි කටයුතු කිරිම ගැන ස්වාධින වෛද්‍යවරු සිය අප්‍රසාදය පළ කරයි.ආනයනික කිරි පිටි පිළිබඳ අද සමාජයේ යළිත් මත ගැටුමක් හට ගෙන ඇත. මීට පෙර අවස්ථාවලදී මෙන්ම මෙවරද ආනයනික කිරි පිටිවල ඌරු තෙල් මිශ්ර බවට මතයක් සමාජ ගතකිරීමේ ඇතැම් දේශපාලන හා වෘත්තීය කණ්ඩායම් උත්සාහයක නිරතවේ.

වෘත්තීකයින් ලෙස එහි මෙවරද පෙරමුණ ලෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ය.වෛද්‍යවරු කියන බොහෝදෑ පිළිගන්නා මට්ටමක සිටින අප රටේ මහජනතාව මොවුන් ඉදිරිපත්කරන මතය පිළිබඳව මීට වඩා කල්පනා කාරී විය යුතුය.වෛද්‍යවරුන්ගේ මූලික කාර්ය රෝගීන්ට බෙහෙත් දීමය. ඒ සඳහා නිවැරදිව රෝග විනිශ්චය කර ගත යුතුය.

වර්ථමානයේ නවීණ විදාත්මක හා තාක්ෂණික කිරීම මගින් බොහෝ අවස්ථාවල රෝග විනිශ්චය කළ හැකි පිළිගත් පරීක්ෂණ අද ලොකයේ බහුලව සිදුවන නිවැරදි ක්‍රියාවලියයි. එවැනි පරීක්ෂණ වල ප්‍රතිපල මත සිදුකරන ප්‍රතිකර්ම රෝග නිවැරදිව සුව කර ගත හැක. එසේ නොකර අවිද්යා‍ත්මක කරුණු ඉදිරිපත් කර ජනතාව මුලා කරන වෛද්යැවරුන් රෝගීයෙකුට නිවැරදීව ප්‍රතිකාර කරනු ඇතැයි සිතිය හැකිද යනුවෙන් ස්වාධින වෛද්‍ය වෘතික සංගම් ප්‍රශ්න කර සිටිනවා.

බුද්ධික පතිරණ ඇමතිවරයා පැවසුවේ පරීක්ෂණ දේශිව කල නොහැකි නිසා විදේශයන්හි කරන බවයි. ඒත් එහි අහිතකර ද්‍රව්‍ය අඩංගු බව සැක කරන බව පමණක් ඔහු පැවසු අතර එය සනාත කර ගැනීමට තවමත් විදෙස් පරීක්ෂණ කර නැ. එසේ කිසිම සාක්ෂියක් නොමැතිව එක කණ්ඩායමක් මේ වෙනුවෙන් පෙනී සිටීම පිළිබද විශ්ලේෂණය කරගත යුතු බව ස්වාධින සංගම් පවසනවා.

එනම් බුද්ධික පතිරණ ජනපති විමල් විරවංශ හා පොහොට්ටුව සමග වැඩ කරන වෛද්‍ය නිලධාරී සංගමය මේ සිද්දිය වෙනුවෙන් නිතර නිතර පුවත් මැවීම පිළිබද බුද්ධිමත්ව සිතිය යුතු බව සංගම් පවසනවා. එසේම මේ වන විට පාසල් ළමුන්ට කිරි වීදුරුවක් ලබා දීමට යන තීරණය නවතා දැමීමට විශාල විරෝධයක් පොහොට්ටුව සමග පාදෙණිය ඇතුළු පිරිස සැලසුම් කරමින් සිටින බව සදහන්.

අද පාර්ලිමේන්තුවේදී රෝහිත අබේගුණවර්ධන මෙම කිරි වීදුරුව පිළිබද එවන් කතා කිහිපයක් කියූ අතර ඒ අනුව යම් සැලැස්මක් අනුව සාක්ෂි නොමැතිව බිල්ලෙක් මවා දේශපාලන වාසි ගැනීමට යනවාදැයි පැහැදිලිව හදුනාගත යුතු බව ස්වාධින වෛද්‍ය සංගම ප්‍රකාශ කරනවා.

කිරිපිටි වල විෂ තියනවා කියලා පැමිණිලි ලැබී තිබෙනවා කියා පෙබරවාරි 5 කියූ බුද්ධික පරීක්ෂණයට යවන්නේ මාර්තු 8 දා එතෙක් රටේ ජනතාවට බොන්නද එපාද නොකිවේ ඇයිද යන්නත් ඔවුන් ප්‍රශ්න කරනවා.

About article14

Check Also

ගෝඨාගේ රක්නාලංකා එකෙන් ගලවලා ටෙන්ඩරේ චම්පිකගේ ආශිර්වාදයෙන් පරණවිතානගේ තල්ලුවෙන් සබරගමු විශ්ව විද්‍යාලේ ආරක්ෂක සේවය ගත් හැටි

සබරගමුව විශ්ව විද්‍යාලය ඇතුලු රජයේ බොහෝ ආයතන වල 2015 ට පෙර දක්නට ලැබුනේ රක්නා ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!