Breaking News
Home / දේශීය පුවත් / කැබිනට් සංශෝධන නාඩගමෙන් බන්ධනාගාර රාජ්‍ය ඇමතිදුරය ලැබූ අජිත් පි පෙරේරා ඉදිරි පැය 24 තුල දේශපාලන තීන්දුවක් ගැනීමට යයි

කැබිනට් සංශෝධන නාඩගමෙන් බන්ධනාගාර රාජ්‍ය ඇමතිදුරය ලැබූ අජිත් පි පෙරේරා ඉදිරි පැය 24 තුල දේශපාලන තීන්දුවක් ගැනීමට යයි

අභිනවයෙන් තේරී පත් වූ රාජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී පෙරේරා මහතාට ඉදිරි පැය විසිහතර ඉතා තීරණාත්මක වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඔහුට හිතවත් ආගමික නායකයින්,සිවිල් සංවිධාන,නීතීඥවරුන්,කලාකරුවන්,මාධ්‍යවේදීන් ඇතුළු සමාජයේ විශාල පිරිසක් මෙම අමාත්‍යධුර යෙන් ඉවත් වන්නැයි ඉල්ලීම් කරමින් පවතින බවට වාර්තා වේ.

යහපාලන රජය බලයට පත් කිරීම සඳහා වැඩිම කැපවීමක් කළ පුද්ගලයෙකුට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සැලකු ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පවසන පිරිසේ අදහස වී ඇත්තේ තවදුරටත් මෙම රජය පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවය.

ඉදිරි පැය විසිහතර තුළ සැළකිය යුතු තත්වයක් ඇති නොවුවහොත් රාජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී පෙරේරා මහතා යම් විශේෂ තීරණයකට එලඹෙනු ඇති බව ඔහුගේ සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!