Breaking News
Home / දේශීය පුවත් / කැබිනට් සංශෝදනය අද හෝ හෙට. මුදල්, මහාමාර්ග, ධිවර, ක්‍රීඩා, තාක්ෂණ විෂයන් සදහා තරුණ මන්ත්‍රීවරු එන ලකුණු

කැබිනට් සංශෝදනය අද හෝ හෙට. මුදල්, මහාමාර්ග, ධිවර, ක්‍රීඩා, තාක්ෂණ විෂයන් සදහා තරුණ මන්ත්‍රීවරු එන ලකුණු

Related image

වත්මන් රජයේ දෙවැනි අමාත්‍ය මණ්‌ඩල සංශෝධනය අද (21) හෝ හෙට (22) සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මුදල්, නීතිය හා සාමය, මහා මාර්ග, ධීවර හා ජලජ සම්පත්, ක්‍රීඩා, විද්‍යා හා තාක්‍ෂණ යන අමාත්‍යාංශවල වෙනස්‌වීම් සිදු කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

Image result for sri lanka cabinet ministers 2017

ජාතික ආණ්‌ඩුවේ එක්‌සත් ජාතික පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් හුවමාරු වීමක්‌ මෙහිදී සිදු කෙරෙන බවද ප්‍රධාන පක්‍ෂ දෙක අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව කැබිනට්‌ සංශෝධනය සිදු කෙරෙන බවද සදහන්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත මෙම කැබිනට්‌ සංශෝධනය සිදු කිරීමට නියමිතය.

Image result for unp and upfa sri lanka

මෙම කැබිනට්‌ සංශෝධනයේදී තරුණ මන්ත්‍රීවරුන්ට ප්‍රබල ඇමැතිකම් ලැබීමට ඉඩ ඇති අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ ඇමැති තනතුරු අහිමිවීමේ අවධානමක් මතුව තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!