Breaking News
Home / දේශීය පුවත් / කැටගොඩ ඉල්ලා අස්වී ආණ්ඩු ප්‍රභලයා බැසිල් පාර්ලිමේන්තු ඒමට සුදානමක් ගැන කසුකුසුවක්

කැටගොඩ ඉල්ලා අස්වී ආණ්ඩු ප්‍රභලයා බැසිල් පාර්ලිමේන්තු ඒමට සුදානමක් ගැන කසුකුසුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

එමෙන්ම ඔහු ප්‍රබල ඇමති ධූරයකද ඉන්පසු දිවුරුම් දෙනු ඇතැයි එම වාර්තාවන්හි සදහන් කර ඇත.

ඒ මහතාට පාර්ලිමේන්තු පිවිසීමට ඉඩකඩ සලසා දීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා දිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

අද ලංකාදීප පුවත්පතද වාර්තා කර ඇත්තේ ජයන්ත කැටගොඩ මහතා අද හෝ හෙට දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් කියා සිටියේ අද දිනයේ හෝ ආසන්න දිනයක එවන් සූදානමක බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේ යයි තහවුරු කල නොහැකි බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වී වෙනත් අයෙකු එම ධුරයට දිවුරුම් දීමේ වීමේ ක්‍රියාවලියට අවම වශයෙන් දින තුන හතරක් ගත වුනු ඇති බවයි.

පවතින තත්වය මත එය සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත වනු ඇතැයිද ඔහු කියා සිටියේය. – lankacnews

About article14

Check Also

සිරිසේන එල්ලුමගස් යැව්වත් වැඩක් නැ දැන් එල්ලුම් ගස් නැනේ දැන් දේශපාලනය වෙනස්, මම පොතක් ලියනවා – හිටපු අගමැති

(ලංකාව තුල Dialog / Mobitel මේ පුවතට පිවිසීම අවහිර කර ඇතිනම් VPN බාවිතා කිරීමට සිදුවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!