Breaking News
Home / දේශීය පුවත් / කාලොගේ පනිවිඩයට ආ චන්ද්‍රිකා “මරනය පෙන්නන බැරිනම් කාගන්නවා” කියමින් යකා නැග යයි. විජයගේ මරණය දින වූ සිද්ධිය

කාලොගේ පනිවිඩයට ආ චන්ද්‍රිකා “මරනය පෙන්නන බැරිනම් කාගන්නවා” කියමින් යකා නැග යයි. විජයගේ මරණය දින වූ සිද්ධිය

විජයගේ මරණයෙන් පසු සිදුවීම් පිළිබඳ බන්දුල පද්මකුමාරගේ සටහන්….

සිරුර පොල්හේන්ගොඩට ගෙන යන්නට පෙර චන්ද්‍රිකාට දන්වා සිටීම වඩා හොඳ බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා කීවේය. ටික වෙලාවකින් චන්ද්‍රිකා පැමිණියාය. එතැන වූ සිද්ධිය පද්මසිරි කොඩිකාරගේ වචන වලින් මෙසේය.

“චන්ද්‍රිකා මැඩම් එනකොට මෘතාගාර කාමරයේ මමත්, තව කිහිප දෙනෙකුත් සිටියා. මැඩම් ටික වෙලාවක් විජය මහත්තයාගේ මිනිය දිහා බලන් ඉඳලා මෙහෙම කිව්වා.

“දැන් ඔහොම තිබුණට දවස් දෙකකින් ඕක වෙනස් වෙනවා. එම්බාම්වල හැටි එහෙමයි. පෙට්ටිය සීල් කරන්න.”

තුෂ්නිම්භූත වූ පිරිස මොහොතක් නිහඬව සිටියෝය. “ඇයි මැඩම්…විජය මහත්තයාගේ මිනිය මිනිස්සුන්ට පෙන්නන්න ඕනැනේ. ” අවසානයේදී පද්මසිරි කොඩිකාර නිහඬතාව බිඳිමින් කීවේය.

“චන්ද්‍රිකාට හොඳටම කේන්ති ගියා.”
“පෙන්නන්න බැරි නම් තමුසෙලා මිනිය කා ගන්නවා..” එහෙම කියලා ඇය පිටව ගියා..”

මැදියම් රැයේ විජය ගේ නිවස ඉදිරිපිට කිහිප දෙනෙක් එක්වී සිටියහ. හදිසියේම එතැනට ආවේ චන්ද්‍රිකාගේ හිතෛෂී යසපාලිත නානායක්කාරය. ඔහු ආවේ චන්ද්‍රිකාගේ පණිවිඩයක් රැගෙනය.

චන්ද්‍රිකා මැඩම් මට කිව්වා පණිවිඩය කියන්න කියලා. ෆියුනරල් එක 19 වෙනිදාට ඕන කියලා මැඩම් කිව්ව.

ඒ පණිවිඩයෙන් කෝපයට පත් එතැන සිටියෙක් පුටුවක් පෙරළාගෙන පැමිණි ‍යසපාලිතට පහර දුනි. යසපාලිත බිම ඇද වැටුණි.

“තමුසෙ ගිහිං චන්ද්‍රිකා මැඩම්ට කියනවා 19වෙනිදා නෙවෙයි අපි අවමංගල්‍ය කරන්නේ 21වැනි දා කියලා. දැන් විජේ මහත්තයා අයිති මේ රටේ අහිංසක මිනිස්සුන්ට….පොදු ජනතාවට කියලා කියනවා…”

මිලියන සංඛ්‍යාත ජන ගඟකට විජය කුමාරතුංගයන්ට අවසාන ගෞරව දක්වන්නටත්, එවැනිම ජනකායකගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 21 දා අවමංගල්‍ය උත්සවය පවත්වන්නටත් අවස්ථාව ලැබුණේ එසේය.

(උපුටා ගැන්ම “සැබෑ” පුවත්පතිනි.)

About lanka

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!