Breaking News
Home / දේශීය පුවත් / කාලගුණ තත්වය ඉතා අවදානන් අද පස්වරු 3 සිට දිස්ත්‍රික් 8 කට අනතුරු ඇගවීම. අද හෙට පාසල් වැහෙයි. අවදානයෙන් ඉන්න

කාලගුණ තත්වය ඉතා අවදානන් අද පස්වරු 3 සිට දිස්ත්‍රික් 8 කට අනතුරු ඇගවීම. අද හෙට පාසල් වැහෙයි. අවදානයෙන් ඉන්න

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.

මේ අතර අත්තනගලු ඔයෙහි ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන්, මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වාසය කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටි.

අද පස්වරු 03.00 සිට පැය 24 ක කාලයක් දිස්ත්‍රික්ක 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම් ද මේවන විට නිකුත්කර ඇත.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි.

ගංවතුර තත්ත්වයන් හේතුවෙන් රත්නපුර, නිවිතිගල හා දෙහිඕවිට පාසල් අද (21) හා හෙට (22) වසා තැබීමට තීරණය කර ඇතැයි සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.

ඊට අමතරව සබරගමු පළාතේ පවතින අයහපත් කාලගුණය හා පවතින වටපිටාව අනුව පාසල් වැසීමට විදුහල්පතිවරුන්ට බලය පැවරූ බවද ඔහු කියා සිටියේය.

මේ අතර, කළු ගඟේ ජල මට්ටම මීටර් 8.6 දක්වා ඉහළ නගිමින් පිටාර මට්ටමට පැමිණි ඇති බවද වාර්තා වේ.

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග යම් ආපදා තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා යුද හමුදා භට කණ්ඩායම් සූදානමින් පසුවන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර විදානයට අයත් භට කණ්ඩායම් දෙකක් මේ වන විටත් සූදානමින් සිටින බවයි.

About lanka_2

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!