Breaking News
Home / දේශීය පුවත් / “කාලකන්නි පිරිමි වෙනුවෙන් නිතිය පාවිච්චි නොකරන ඔයා ජනාධිපති කාන්තාව කුස්සිය මුල්ලට දාලා. ලැජ්ජයි මහත්තයෝ” – සමනලිට මෛත්‍රීට දෙහි කපයි

“කාලකන්නි පිරිමි වෙනුවෙන් නිතිය පාවිච්චි නොකරන ඔයා ජනාධිපති කාන්තාව කුස්සිය මුල්ලට දාලා. ලැජ්ජයි මහත්තයෝ” – සමනලිට මෛත්‍රීට දෙහි කපයි

තැබෑරුම්වල සේවය කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලබා දීම හා මත්පැන් මිලට ගැනීමට කාන්තාවනට ඉඩ දීම සදහා වූ ගැසට් නිවේදනය අහෝසි කිරීම නිසා කාන්තාවන්ගේ සම අයිතිය කඩ වී ඇති බව සදහන් කරමින් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් පිරිසක් විසින් ඊයේ දිනයේ මුදල් අමාත්‍යවරයාට හා අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව මූලික අයිතාවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

ඔවුන් එම පෙත්සම මගින් කියා සිටින්නේ කාන්තාවන් සදහා ව්‍යවස්ථාවෙන් හිමිව ඇති සමානව සැලකීමේ අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.

තැබෑරුම්වල සේවය කිරීම හා මත්පැන් මිළට ගැනීම කාන්තාවන්ට තහනම් කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන නිසා එම ගැසට් නිවේදන යලි ක‍්‍රියාත්මක කරවන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

මේ අතර සමනලී ෆොන්සේකා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ මේක .අරක්කු. ‘පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක තවත් මනුෂ්‍ය ජීවිතයක නිදහස ස්වාධීනත්වය සහා අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.. ලැජ්ජයි සිරිසේන මහත්තයො’ ලෙසයි.

source – ape rata

About lanka

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!