Breaking News
Home / දේශීය පුවත් / කාර්යාල දුම්රියක යන මහත්මයෙක් තැබූ තිත්ත සටහන

කාර්යාල දුම්රියක යන මහත්මයෙක් තැබූ තිත්ත සටහන

මේ අප කාර්යාල දුම්රියක පානදුර හා මොරටුව අහල පහලින් දුම්රියට ගොඩවුන ස්වාමින්වහන්සේ කෙනෙක් ගමනාන්තය දක්වා හිටගෙන ගිය කරුනක් පිලිබද පල කල සටහනකට මහත්මයෙක් තමන්ගේ අත්දැකීම් ලියා තිබූ ආකාරයයි.

උපුටා ගැනීම..
“ඇත්තටම ඔය Office Train වල යන අය අමුතුම එ්කාධිකාරියක් පවත්වගෙන යනව. එයාලට මෙලෝ සිහියක් නැහැ. අනුන්ගෙ ගෑණු එක්කයි අනුන්ගෙ පිරිමි එක්කයි දෙගොල්ලොම වෙනම ලෝකවල…..

තවත් කෙල්ලො කොල්ලො වෙනම ලෝකවල…. සීට් එකක් ජීවිතේට දෙන්නෙ නැහැ. බැරිවෙලාවත් කවුරුහරි ඉඳගත්තොත් සංවිධානාත්මකව කොහොම හරි සීටි එකෙන් තල්ලුවෙලා යන්න වැඩේ කරනව. ලැජ්ජයි.

ඒත් මේ ගොල්ලන්ගෙ බෞද්ධ කම නම් පිරිල ඉතිරිලා.. හැබැයි කථාවෙන් විතරයි. ක්‍රියාවෙන් නම් ගැහැණු පිරිමි දෙගොල්ලොම වසලයො විධියට තමයි හැසිරෙන්නෙ.

මේ වසලයො අතරම මේ දුම්රිය වල වැදගත් නෝනලත් මහත්වරුත් ගමන් කරන බවත් කියන්න ඕන. නැත්නම් ඒ අයට ඒක ලොකු අසාධාරණයක් වෙනව.

මමත් ඔය දුම්රිය වල යන එන කෙනෙක් හැටියට තව දෙයක් කියලම මේ සටහන අවසන් කරන්නම්.

ඔය කාර්යාල දුම්රිය වලටම සීමාවූ ⁣හොර අඹුසැමියො ගොඩක් ඉන්නව. සමහර කාන්තාවො දුම්රියෙන් බහින කොට ඒකේ හිටපු අනියම් සැමියට ටටා කියල අනේ අර ගෙදරින් එක්ක ගෙන යන්න ආ සැබෑ සැමියත් එක්ක ගෙදර යනව. ඔන්න ඔහොමයි ඔය දුම්රිය වල තත්වය…”

උපුටා ගැනීම අවසන්..

අපට ඇති කණගාටුව මෙවන් රටක මිනිසුන්ට තමන් ගමන් කරන දුම්රිය මාර්ග පද්ධතියවත් දියුණු විය යුතුයි කියාවත් හැගීමක් නැතිව සිහින ලෝකවල ජීවත්වන නිසා පාලකයන් තමන්ගේ සැප අරගෙන මෙවන් ආත්මාර්ථකාමින් දිහා නොබලා සැප සේ ජීවත් වීමයි.

පාලකයා ආත්මාර්තකාමි ජනතාව නිසා ආත්මාර්තකාමී වී ඇති අතර ජනතාව පාලකටා දොස් කිය කියා තමගේ පටු අරමුණු වෙනුවෙන් ජීවිතේ ගැටගසාගෙන ජීවත් වෙයි.

රටේ ජනතාව පිලිබද අවංකව කණගාටුයි

About article14

Check Also

ඉන්දියාවේ අනාගත අගමැති රාහුල් ගාන්ධි අගමැති රනිල් හමුවෙයි ලංකාවේ සුභසාධනය ගැන ඔහු උනන්දුවෙන්. ලංකා ගමනකට රනිල්ගෙන් ආරාධනා

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!