Breaking News
Home / ක්‍රිඩා / ක්‍රීඩා පිටිය මැදට ගොස් ක්‍රිකට් බේබද්දන් අල්ලන්න අලුත් මෙහෙයුමක්

ක්‍රීඩා පිටිය මැදට ගොස් ක්‍රිකට් බේබද්දන් අල්ලන්න අලුත් මෙහෙයුමක්

දක්ෂතා පදනම් කර ගනිමින් ගෙවීම් සිදු කරන නව ගිවිසුමට කි‍්‍රකට් කී‍්‍රඩකයන් අත්සන් තබා තිබෙනවා.ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ගත් මෙම තීරණයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකු අකමැත්ත පළ කර තිබූ අතර අදාළ ගිවිසුමට අත්සන් තැබීමටද ඔවුන් කල්මරමින් සිටි බව අපද මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් එම කී‍්‍රඩකයින් සියලූ දෙනා මේ වන විට අදාළ ගිවිසුමට අත්සන් කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා කියා සිටියේ.මේ අතර කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට පනවා ඇති විනය නීති දැඩිව කි‍්‍රයාත්මක කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් විදෙස් සංචාරවල නිරත අවස්ථාවන්වලදී තරගයට පෙර දින රාති‍්‍රයේ උත්සව අවස්ථාවන්ට සහභාගි වීමද සීමා කර තිබෙනවා.එවැනි අවස්ථාවල එම කී‍්‍රඩකයින් මත්පැන්පානය කිරීමට යොමුවන බැවින් මත්පැන්පානයද කී‍්‍රඩකයන්ට තහනම් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ.

සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියේදීද මත්පැන් පානය කරන කි‍්‍රඩකයින් පිළිබද කි‍්‍රකට් බලධාරීන් දැඩි විමසිල්ලෙන් පසු වුණා. අහඹු ලෙස තෝරා ගත් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු එහිදී පරීක්ෂාවට ලක් කෙරුණා.ඉදිරියේදීත් එවැනි තරගාවලි පැවැත්වෙන අතරතුර අහඹු ලෙස තෝරා ගන්නා කි‍්‍රඩකයින් මත්පැන්පානය කර ඇත්දැයි පරීක්ෂාවට ලක් කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා කියා සිටියේ.

යම් කිසි කී‍්‍රඩකයෙකු තරගාවලියක් අතරතුරමත්පැන් පානය කර ඇති බව තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය කි‍්‍රයාමර්ග ගන්නා බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියා.

2015 පෙර ක්‍රීඩකයන් මත්පැන් පානය කලාද නැද්ද අදටත් ඔවුන් පානය කරනවද නැද්ද යන්න අප කවුරුත් හරිහැටි නොදන්නා අතර වර්තමාන ජාතික කණ්ඩායමේ ගොබිලන්ගේ බේබදු කම අල්ලන්නට පොලිසියෙන් මෙන් පිටිය මැදට ගොස් පවා පරික්ශා කිරීමට සිදුව්ම රටට ජාතිය වූ පරිහානයේ තරම එතනින් පෙනේ.

බේබදු කම සල්ලාල කම මුදල් අසීමිතව කුඩා වයසින් එක වර ලැබූ පසු සියල්ල අමතක වීම වැනි ක්‍රීඩක කළමනාකරණය නොමැති වීමේ බරපතල කේදවාචකය නිසා ලෝකයක් ජයගත් ක්‍රීඩාව අද ලෝකය ඉදිරියේ හෑල්ලු වී තිබෙනවා. එයට සම්පුරණයෙන් වග කිව යුත්තේ වැඩ බැරි දුෂිත ක්‍රිකට් බලධාරීන්ම පමණක් බවයි අවධාරණයෙන් පැවසිය යුත්තේ.

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!